මේ කියන්න යන්නේ අර ලංකාවට එනවා කියපු වොක්ස්වැගන් ෆැක්ටරිය ගැන නෙවේ!
මේ කියන්න යන්නේ වොක්ස්වැගන් එකේ කළමනාකරුවෝ සහ ඉංජිනේරුවෝ සමූහයක් මුළු ලෝකෙම අවුරුදු ගානක් තිස්සේ රවට්ටපු හැටි!
වොක්ස්වැගන් ඉතිහාසෙන් බිඳක්
හිට්ලර්ට ඕනේ වුණා සෑම ජර්මානුවෙක්ටම දැරිය හැකි මිලකට කාර් එකක් ලබාදීමට - ඉතින් ඔහු සහ ඔහුගේ නාසි කම්කරු පක්ෂයේ විසඳුම වුනේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව හෙවත් මහජනතාවගේ කාර් සමාගම - “The People’s Car Company.”
Volks කියන ජර්මන් වචනයේ තේරුම වන්නේ "මිනිසුන්" යන්නයි. Wagen යන්නෙන් කාර් එක යන තේරුමත් සමග මෙය "මහජනයාගේ කාර් රථය" ලෙස නම් කෙරුණි.
 |
| ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රථම වොල්ක්ස්වැගන් කාරයත් සමග |
1937 රාජ්‍ය සමාගමක් ලෙස පිහිටවූ මෙහි ප්‍රධාන අරමුණ වුණේ ඒ වනවිට ඇමෙරිකාවේ හෙන්රි ෆෝඩ් විසින් දැරිය හැකි මිලකට ලබාදුන් මෝටර් රථයක් වැනි රථයක් ජර්මනුර්වන්ටත් ලබාදීමට. මේ කර්තව්‍යය භාර වුනේ ෆර්ඩිනැන්ඩ් පොර්ශේ හට (ලෝක ප්‍රසිද්ධ Porsche, Audi සහ Benz වැනි සමාගමුත් මොහුගේ නිර්මාණ). ඒ වගේම මේ ෆැක්ටරිය ලෝකේ ලොකුම කාර් ෆැක්ටරිය කරන්නත් මේ සමග ඔවුන්ට ඕනෑ වුණා - වර්ග කිලෝමීටර 6.5 කින් යුක්ත මෙය අදටත් ලෝකයේ විශාලතම කාර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවයි. හරියටම කිව්වොත් මේ ෆැක්ටරිය ලංකාවෙන් 10,000න් එකක්.
 |
| වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව |
මේ උස කුළුණු 4 - එහි පින්තාරු (painting) අංශයයි.
1939 මෙහි ප්‍රථම වාහනය ප්‍රදර්ශනයට තැබුනත් ඒ වර්ෂයේම දෙවන ලෝක යුද්ධය පටන් ගැනීමත් සමග මෙහි නිෂ්පාදනය සහ වැඩි දියුණුව ඇන හිටියා.
දෙවන ලෝක යුද්ධයෙන් පසු නැවතත් මෙහි නිෂ්පාදනය ආරම්භ කරන ලද අතර මෙය ජර්මනුවන්ගේ අභිමානයේ සළකුනක්ද වුණා .
වොල්ක්ස්වැගන් (VW) සහ ඇමරිකාව
1955 දී මේ සමාගම ඇමරිකාවේ ව්‍යාපාර ආරම්භ කලත් නාසි විරෝධී ආකල්ප සහ මුලින් VW කාර් වල තිබු අමුතු හැඩයත් සමග විශාල වර්ධනයක් තිබුනේ නැහැ. නමුත් 1960 දී ජර්මානු රජය සතුව තිබු සමාගමේ කොටස් 60% මහජනයාට අලෙවි කිරීමෙන් පසු ඇති වූ ප්‍රගතියත් සමග එතෙක් ෆෝඩ් T මාදිලියේ වාහන මිලියන 11 අලෙවි කොට තැබූ වාර්තාව VW බීට්ල් මගින් බිඳ හෙලුවා.
 |
ෆෝඩ් මොඩෙල් T - 1919 වර්ෂය
|
 |
| VW බීට්ල් |
මේ ලෝකය පුරා ව්‍යාප්ත වූ බීට්ල් මාදිලිය සමග VW සමාගමේ අලෙවියත් සීඝ්රයෙන් වැඩි වුණා.
1960 VW බීට්ල් වෙළඳ දැන්වීමක්
එන්ජිම සිසිල් කිරීමට වතුර භාවිතා නොකළ මේ මාදිලිය ශීත රටවල් වල වගේම උණුසුම් රටවල් වලත් එක සේ ජනප්‍රිය වුණා.
නමුත් 90 දශකයේ පැමිණි ජපන් කාර් වල තරඟයත් සමග VW හි අලෙවිය සීග්‍රයෙන් පහත වැටුණා. කොපමණ වැටුනද කිවහොත් සමාගම බංකොලොත් වී වසාදමන තත්වයකට වැටුණා.
මේ වෙලාවේ ආවා VW එකට ගැලවුම් කාරයෙක් - ෆර්ඩිනන්ඩ් පී Ferdinand Piëch - අර මුලින්ම හිට්ලර් එක්ක VW පටන් ගත්ත පොරගේ මුනුබුරෙක්! මේ මුණුබුරා වෘත්තීය ජීවිතේ වගේම පුද්ගලික ජීවිතයේත් ඵලදායි පුද්ගලයෙක් - මේ මනුස්සයට ළමයි 12 හිටියා බිරින්දෑවරුන් 4 දෙනෙක්ගෙන් (ඉතින් හිතගත්තහැකි නේ ). මිනිහා VW එන්න කලින් Audi එකේ ලොක්කා - මෑන් තමා Audi සමගම ඔය BMW, බෙන්ස් වගේ ඒවා එක්ක කරට කර තරඟ කරන තත්වෙට දියුණු කළේ ! සුපිරි වැඩ්ඩෙක් වචනාර්ථයෙන්ම.
Piech ඉතින් VW එකට 1993 ඇවිත් හිතුවේ අලුත්ම විදියට. ඒ වෙනකොට VW එක bankrupt වෙන්න ඔන්න මෙන්න. ඉතින් VW එක වැටිලා ඉන්න ආගධෙන් ගොඩ ගන්න මිනිහට ආවා නියම අදහසක්. ඒක තමා ,
VW ඩිසල් කාර්
1993 Piech එද්දී VW එකට, ඩිසල් කියන්නේ ට්‍රැක්ටර් බස් වගේ ලොකු වාහන වලට ජනප්‍රිය ඉන්ධනයක්. මිනිහා හිතුවා මේක තමා VW එකට ගොඩ යන්න තියෙන දේ කියල. ඉතින් මෑන් මොකද කරේ පොඩි සයිස් එකේ ඩිසල් කාර් හදන්න මුල පිරුවා. මුල පුරලා නිකන් හිටියේ නැහැ, යුද්ධයක් කරනවා වගේ මේක පස්සෙම පැන්නුවා - මිනිහා ටිකක් ටෆ් පොරක් (ලේසි නැහැ වැඩ කරන්න ... අනික් අය කියන ඒවා ගණන් ගන්නේ නැහැ . Piech ප්‍රසිද්ධියේම පිලි ගන්නවා මිනිහගේ පුද්ගල සන්නිවේදනය (communication) අන්තිමයි, හැබැයි එක ප්‍රශ්නයක් නෙවෙයි කියල ).
මේ ඩිසල් පස්සේ පන්නපු එකෙන් වුනේ VW එක අලුත් එන්ජිමක් හැදුවා VW TDI.
මේකෙන් වොක්ස්වැගන් එකට පුළුවන් වුණා එතෙක් ඩීසල් වාහන වල තිබුණු බොහොමයක් ප්‍රශ්න ඉවත් කරලා පෙට්‍රල් වාහනයක තිබෙන පෆොර්මන්ස් එක ගන්න වගේම පොඩි කාර් වලට ඩීසල් හඳුන්වා දෙන්න! මේ කාර් එකත් එක්ක VW මාකට් කරපු අනික් සංකල්පේ තමා "Clean Diesel" කියන එක!
VW Clean Diesel වාණිජ දැන්වීමක්
මේ අලුතෙන් නිපදවපු වොක්ස්වැගන් TDI එන්ජිම සහිත කාර් පරිසර හිතකාමී බවෙනුත් කාර්යක්ෂම බවෙනුත් මිලට ලැබුණු අගය අතිනුත් පරිපූර්ණ වුණා (ඒ කාලයේ තිබු ඒ හා සමාන කාර් වලට සාපේක්ෂව).
සියලුම දුම් පරීක්ෂණ , විද්‍යාගාර පරීක්ෂණ ආදී මෙකි නොකී පරීක්ෂණ වලිනුත් මේ VW TDI එන්ජිම සමත් වුණා - ඉතින් පරිසර හිතකාමීන්ගේ ආදරය දිනාගෙන මේ වොක්ස්වැගන් Jetta කියන මාදිලියේ ඩිසල් කාර් ලක්ෂ 5 ඇමෙරිකානුවන් මිලදී ගත්තා!
හැබැයි මේ හැමෝගෙම හිත දිනාගත්ත VW ඩිසල් කාර් වල අඳුරු රහසක් තිබ්බා - ඒ මොකද්ද?
මීළඟ කොටසින් කථා කරමු ඒ ගැන!
The deeper you dig, the darker it gets