දැන් මේ ලයිට් කපන්නේ දේශපාලකයාගේ වරදක් නිසා බව හය හතර නොදත් පොඩි එකාට කියා දෙන මෙන් ඉල්ලන පොස්ටුවක් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වනු දුටිමි.
මම නම් එවැනි බොරු අපේ පොඩි එකාට කියා දෙන්නට සුදානමක් නැත. මේ පොස්ටුව දමන මිතුරන්ගෙන් සමහර ඉංජිනේරුවන්ගෙන් ද මේ සම්බන්ධයෙන් විමසා බැලුවත් මේ දිනවල ඇති ලයිට් කැපීම 100% දේශපාලකයාට ලඝු කිරීමට හේතු සොයා ගැනීමට මට නොහැකි වුනි. 90 දශකයේ සිට පැමිණි සියලුම ආණ්ඩු (පක්ෂ බේදයකින් තොරව) රටට අවශ්‍ය ලෙස බලශක්ති ක්ෂේත්‍රය හසුරුවා නැති බව ඕනෑම අයෙකුට පෙනෙන දෙයකි. යහපාලන ආණ්ඩුව සහ හිටංතුමා සැලසුම් කල විදුලි ජනන ව්‍යාපෘති මෙලෝ සැලසුමක් නැතුව කඩාකප්පල් කර දැම්මෝය. නමුත් දැන් ඇති වී ඇති තාක්ෂණික/කාර්මික අවුල දේශපාලකයාගේ වැරද්දක් ලෙස ලඝු කිරීම හෙලා දැකිය යුතුය.
සියලුම වැරදි දේශපාලකයාගේ පිටට දමා අප සැනසිල්ලේ ජීවත් විය යුතු කාලය නිම කල යුතු බව මගේ මතයයි.
යම් තාක්ෂණික දෝෂයක් නිසා විදුලි සැපයීම ලබා දීමට නොහැකි නම් කාල සටහනකට අනුව විදුලිය කැපීමටවත් පියවර ගැනීමට අදාළ නිලධාරීන් සහ ඉංජිනේරුවන් ක්‍රියාකල යුතුය. මෙවැනි සරල දෙයක් කිරීමට මහා ප්‍රාග්ධනයක්වත් මහා මොළකරුවන්වත් අවශ්‍ය නැත. එවැනි වැඩ පිළිවෙලක් ඇති විට අපේ එදිනෙද ගෙදර වැඩත් සැලසුම් කරගත හැක. ආණ්ඩුවේ මෙන් නොව පුද්ගලික අංශයේ ආයතන වල නිෂ්පාදනය දිව්වත් නැතත් ඒ සමාගම් වලට එක හා සමානව ආදායම් එන්නේ නැති බැවින් ඔවුන්ටත් තම පාඩු අවම කරගත හැකිය.
එදා වේල ටුවර් එක එසේ පිරිමසගත්තත් දිගු කාලීනව රටේ බලශක්ති ප්‍රතිපත්තිය සහ ජනන සැලසුම් ක්‍රියාවට නංවා බලශක්තිය අතින් සුරක්ෂිත රටක් ගොඩ නැගීමට අප නොනවත්වා සටන් කල යුතුය.
පොඩි එවුන්ට අපි කියා දිය යුත්තේ මෙසේ රටක් විදියටත් පුද්ගලයන් විදියටත් ඉදිරියට යන විදියක්ය. නැතුව හැමදාම එකම බෙරේ ගසා සිත හදාගැනීමට ක්‍රමයක් නොවේය.