එලිටිස්ට්ලා ගැන මා මුලින්ම දැනගත්තේ අරුණි ශේපිරෝ ගේ බ්ලොග් අඩවියේ තිබු බ්ලොග් පොස්ට් එකකිනි. පසු ගිය දිනක ලංකාවේ සිටින විට දුටු පහත සඳහන් සිදුවීමත් සමග මොවුන් පිලිබඳ මාගේ මතකය නැවතත් අලුත්විණි.
දිනය - 2017 ජුලි 17
වෙලාව - ප.ව. 5.30
ස්ථානය - මහනුවර කටුගස්තොට මාර්ගයේ KPH රෝහලට හැරෙන හංදිය
මේ දිනවල කටුගස්තොට මහනුවර මාර්ගයේ ඉදිකිරීම් සිදුවන බැවින් ඉතා අධික මාර්ග තදබදයක් ඇති අතර සමහර විට කිලෝමීටර් 3 පමණ යාමට පැයකට ආසන්න කාලයක් ගත වේ.
මේ ඡායාරූපයේ ඇත්තේ කේබල් ජෝය්න්ට් (cable joint) එකක් ගැසීමට පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සේවක පිරිසකි. ඔවුන් පිරිස අවශ්‍ය බඩු භාණ්ඩ වාහනයෙන් බාගෙන අවහිර වූ මාර්ගය තවත් අවහිර වන සේ ඔවුන්ගේ වාහනය පාරේ නවතා නිවාඩු පාඩුවේ වැඩේ කරගෙන යන අකාරයක් මට පෙනුනි. බඩු ටික බා ගත් පසු වාහනය අන් අයට බාධා නොවන පරිදි වෙනත් ස්ථානයක නතර කිරීම පසෙක තබා රියදුරුද ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටිනවා පෙනුනි. මම දන්නා ආකාරයට ඔවුන්ගේ මෙම කාර්යයට වාහනයෙන් කිසිදු උපකාරයක් නොමැත. කේබල් ජෝය්න්ට් එක ගැසීමට අවශ්‍ය ගෑස් සිලින්ඩරය සහ අනෙකුත් කළමණා බාගත් පසු වාහනය ඉවත් කිරීමට ඔවුන්ට කිසිදු බාධාවක් නැත. අනෙක් කාරණය නම් මෙසේ පාර අවහිර කරගෙන මේ වැඩය කරනුයේ හදිසි බිඳ වැටීමක් යථා තත්වයට පත් කිරීමට නොව අලුත් කේබලයක් සඳහා බවත් පෙනුණි (මෙය අනුමානයක් පමණි).
සාමාන්‍ය වාහනයක් මෙසේ නැවැත්තුවා නම් මිනිත්තු කිහිපයක් ඇතුලත දඩ කොලයක් ලැබීම අනිවාර්ය දෙයකි. පොලිසියේ මහත්තුරුන් විදුලිබල මණ්ඩලයේ වාහන වලට දඩ කොළ නොලියන බව ස්ථීරවම දන්නා මොවුන් කිසිදු සාධාරණ හේතුවක් නැතුව වුවත් මෙසේ පාර අවහිර කරගෙන සිටින්නේ ඔවුන්ට කිරීමට පුළුවන් විදියට ඒ පාරේ යන දහස්ගණනක් මිනිස්සුන්ගේ ජීවිත තව තවත් අපහසුතාවයට පත් කිරීමටත් තමන්ගේ සුළු පහසුවත් පිණිසය. එසේ කවුරුන් හෝ පැමිණ ඔවුන්ව ප්‍රශ්න කරේ නම් දැමීමට ඔවුන් ළඟ කෙස් පැලෙන තර්කද අඩු පාඩු නැතුව ඇති බවද මම හොඳාකාරවම දනිමි.
ඔවුන්ගේ හැසිරීමෙන් මා දැක්කේ විදුලි කාර්මිකයන්ට වඩා එලිටිස්ට්ලා (elitist) ලා පිරිසකි. ඔවුන් වැඩය මන්දගාමීව කරගෙන සතුටු සාමීචියේ යෙදෙන අතර අසලින් අමාරුවෙන් තදබදයේ යන වාහන වල මිනිසුන් සහ ඔවුන්ගේ රථය නිසා අපහසුවෙන් වාහන හසුරුවන්නන් (මාද ඇතුළුව) දෙස බැලුවේ නියම එලිටිස්ට් මානසිකත්වයෙනි - "බලන්න අප වැන්නවුන්ගේ සේවය ගැනීමට මේ මිනිසුන් කොතරම් වාසනාවන්තද? ඒ නිසා අප ඔවුන්ගේ ජීවිතය තවත් අමාරු කොට මෙසේ අපේ රාජකාරිය කරාට කම් නැත - එය අපගේ වෘත්තීය අයිතියකි. කවුරුන් හෝ අපිට කොක්කක් දැම්මොත් අප මෙම වැඩය නවතා දමා යන්නෙමු. අප වැඩ කරන්නේ අපට අවශ්‍ය පරිදිය. ඒ ගැන අපට අභියෝග කිරීමට දැනුමක් ඇති කිසිවෙක් මේ අහල පහල නැත"
මේ මට ඡායාරූපයක් ගැනීමට හැකි වූ මෙවැනි එක් අවස්ථාවක් පමණි. මෙවැනි අවස්ථාවන් බොහෝ ගණනක් මම දැක ඇත්තෙමි - වෙනත් ආයතනවලත්. මෙවැනි දේවල් නැති කිරීමට අපට විශේෂ තාක්ෂණයක් හෝ දැනුමක් අවශ්‍ය නැත - අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණි!

![]() |
මා විසින් මගේ ජංගම දුරකතනයෙන් ලබාගත් ඡායාරූපයකි |

මහත්මයා දැන් මෙහෙම කිව්වට, හදිසියේ වත් ඔබතුමාගේ ගෙදරට විදුලි බලය විසන්දි වෙලා තිබුනා නං කොහොමද හැසිරෙයිද? රජයේ සේවකයන්ගේ රාජකාරියට බාදා කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව දන්නේ නැද්ද මහත්මයා? මෙලෙස ජායාරුප ගෙන ප්‍රසිද්ද කිරීමත් වරදක්. රාජ්‍ය සේවයේ චක්‍රලේඛ දන්නේ නැතුව ඇති ඔබතුමා. ඒත් ඒක නිදහසට කාරණාවක් නෙමෙයි. රජයේ සේවකයන් රාජකාරි කරද්දී එකේ මැදට පැනලා පොටෝස් අරං ඒ අයගේ රාජකාරියට බාදා කරන අයට දැඩි දඩුවම් ලබා දෙන මෙන් අප රාජ්‍ය පරිපාලනය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු. අනික ඔබතුමා වගේ අයම තමයි පොලිස් නිලධාරීන් රාජකාරි කරද්දී, විශේෂයෙන්ම රථවාහන පොලිස් නිලධාරීන්, ඒ අයගේ රාජකාරියටත් බදා කරමින් හැසිරෙන්නේ. නිතිය, චක්‍රලේඛ ගැන හරි හැටි නොදැන ඒ අයටත් රාජකාරි,චක්‍රලේඛ ගැන උපදෙස් දෙන්න යන්නේ.
ReplyDeleteස්තුතියි.
ඇනෝතුමෝ මට හරියටම කියනවද ඔය රාජ්‍ය සේවයේ චක්‍රලේඛ මොකද්ද කියල?
Deleteඅනික් එක හිතුනු හිතුනු වෙලාවට ඔහොම පාරවල් අවහිර කරන්ඩ බලෙකුත් එකෙන් දීල තියෙනවද?
ඇනෝ - මම ඔවුන්ගේ රාජකාරියට බාධා කරේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද?
Deleteමේ සටහන මම දකින්නේ නම් , අපි වැඩි දෙනෙකුට මග හැරුණ, අවධානය යොමු කළ යුතුම කරුණක් ගැන කරන මතක් කිරීමක් විදිහටයි. හද පෙන්නුවා ම, ඒක නොබලා පෙන්නන අත හපා කන එක නොවේ කළ යුතු . Breakdowns recovery ඉතින් අපි පිනට කරනවා නොවේමය. Customer ගෙවන bill එකේ ඒවාත් ඇතුළත් . අපිටත් ඒවා කරනවාට වැටුප් ,OT, bata ලැබෙනවා.
ReplyDeleteවිදුලි බල මණ්ඩලයේ වගකිවයුතු ඉංජිනේරුවරියක් මෙසේ කීම අගය කරනවා....
Deleteමේ පොස්ට් එකෙන් මම කියන්නට අදහස් කල දේ එක් සිදුවීමකට එක් ආයතනයකට හෝ එක් වෘත්තියකට සීමා වූවක් නොවේ... හොඳින් ඇස් ඇර බැලුවහොත් අපේ රටේ බොහෝ ස්ථාන වල මීට සමාන දේවල් දිනපතා සිදු වෙනවා ... මේක ලිව්වේ ඉතින් කීපදෙනෙක් හරි නිවැරදි අකල්පෙකට එයි කියල හිතල
මේ බ්ලොග් එක ලියන කෙනා හැම දේකම නෙගටිව් පැත්ත දකින කෙනෙක් වගේ මට නං හිතෙන්නේ. මොකද මං මේකේ තියෙන පැරණි ලිපිත් කියවලා බැලුවා. හැම එකේම වගේ තියෙන්නේ අනික් අයගේ වැරදි,විචේචන විතරයි. මම ඩොක්ටර් රුවන් ජයතුංගගේ ලිපියක කියෙව්වා ඔබ වැනි ඇතැම් මිනිසුන් මේ වගේ නෙගටිව් විදියට හැම දේම දකින්නේ, වැර පැත්තම දකින්නේ කුඩා කල මුහුණ දුන්න අතවර, දිළිදුබාවය, කුලහීන බව, පියාගේ බීමත්කම වගේ දේවල් වලට තදින් මුහුණ දීලා තියෙන නිසා. කොහොම උනත් මේ පසුගාමී බ්ලොග් එක කියවන අයත් මානසිකව පසුබෑමට ලක්වෙනවා.
ReplyDelete-රවින්ද්‍ර කෝනාර
වැරදි දේවල් වලට හුරේ දැම්මොත් ද ඔය කියන මානසික පසුබෑමෙන් මිදෙන්නේ? ඒ අයටද සුන්දර ළමා කාලයක් තිබිල තියෙන්නේ ?
Deleteමම ලියන විෂය ක්ෂේත්රයට (බලශක්තිය, පරිසරය, ධරණීයතාව (sustainability) ආදී ) අදාලව ලංකාවේ හරියට සිද්ධවෙන දෙයක් (හෝ දේවල්වල ලැයිස්තුවක්) පොඩ්ඩක් කිව්වොත් මට පුළුවන් විදියට මගේ දැනුමෙන් ඒ ගැන ලියන්නන්....