Wednesday, February 14, 2018

ඇල්ෆා මේල්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලීම

Alpha කියන්නේ ග්‍රීක හෝඩියේ මුල් අකුර!


ඔය ගොඩක් සත්ව කොට්ඨාශ වල ඉන්නවා ඇල්ෆා මේල් (Alpha Male ) කියල හඳුන්වන පිරිමි සත්වයෙක්!
උදාහරණයක් විදියට චිම්පන්සියෝ කණ්ඩායමක් ගත්තහම ඉන්නවා එකේ Alpha Male - මෑන් තමා කණ්ඩායමේ නායකයා. 




මෑන්ට යටින් තමා අනික් අය. රැහේ ඉන්න හොඳම (හොඳම කියල මේ මෑන් ට හිතෙන) ගැහැණු චිම්පන්සියෝ මිනිහගේ පරිභෝජනෙට. හොඳ පලතුරු ගස් වගේ හැම හොඳ දෙයක්ම උගේ සහ උගේ ගෑනු /ළමයි/සහචර සෙට් එකයි අරගෙන ඉතුරු වුනහම තමා අනික් අයට පාවිච්චි කරන්න පුළුවන්.

හැම තිස්සෙම වෙන්නේ මේ Alpha Male දුර්වල වුනහම ඇවිත් වෙන චිම්පන්සියෙක් මුගෙන් මේක උදුරාගෙන අලුත් එකා අලුත් alpha male වෙනවා! 




මේක වෙනස් වෙන්නේ නැහැ මොකද චිම්පන්සියාගේ පරිකල්පනය alpha male ගෙන් තොර ලෝකයක් කරන්න බැරි හින්ද! රැහේ පැවැත්ම තියෙන්න alpha male කෙනෙක් ඉන්නම ඕනේ! නැත්තන් ඉන්න එවුන් වෙන alpha male කෙනෙක් හොයාගෙනම යනවා. 

මිනිස්සුත් ඉස්සර කාලේ ඔහොමයි - රජෙක් වගේ alpha male කෙනෙක් වටේට තමා රැහේ එවුන් ටික එකතු වෙලා රාජ්‍යය දුවන්නේ. හැබැයි මිනිස්සුන්ගේ වෙනස්කම වුණේ - මිනිස්සුන්ට පුළුවන් කෙටි කාලෙකදී alpha male කියලා එකෙක් නැහැ - හෙට ඉඳන් ඔක්කොම මිනිස්සු එක හා සමානයි කියල අලුත් පරිකල්පන ලෝකයක් ගොඩ නගන්න.

උදාහරණයක් විදියට ප්‍රංශ විප්ලවය වුණහම එක රැයින්  මිනිස්සු පිළිගත්තා අද ඉඳන් රජෙක් (alpha male ) කෙනෙක් නැහැ... හැමෝම එක සමානයි අද ඉඳන් කියල! මේක වෙන්න ප්‍රංශ කාරයොන්ගේ මොකක්වත් ජානවල පරිණාමනයක් වත් විකෘතියක් වත් වුනේ නැහැ. Cognitive revolution එකක් තමා වුනේ - ඔය ප්‍රජාතන්ත්‍රවාදය, සමූහාණ්ඩුව ඔක්කොම මිනිස්සු හිතෙන මවාගන්න ලෝකවල් (ඇත්තටම නැහැ) - විශේෂත්වේ තියෙන්නේ මිනිස්සු ලක්ෂ ගානක් එහෙම දෙයක් ඇත්තටම තියෙනවා කියල හිතාගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් කම (living in dual realities)! එකත් එක්ක තමා මේ system එකේ පැවැත්ම සහ සාර්ථකත්වය පවත්වන්නේ (පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එක පාරම මිනිස්සු බහුතරයක් හිතනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නැහැ - රාජාණ්ඩුව තමා ඕනේ කියල - එතකොට සිද්ධවෙන දේ)!

ඉතින් කාලයත් එක්ක මේ cognitive revolution  එකේ එක එක  stage වලට ඇවිත් ඒ මිනිස්සුම trial & error  කරලා තමා ඔය දැන් පවතින ව්‍යවස්ථා , ප්‍රජාතන්ත්‍රවාදය වගේ සංකල්ප දියුණු වුණේ! මේකේ හරිම ඉන්ටරස්ටින්ම කරුණ තමා මේ  සංකල්ප දියුණු වුනු සියවස් 2 කට වැඩි කාලේදී මිනිස්සුන්ගේ මොලේ සැකැස්මේ (biological structure) එකේ කිසි  වෙනස්කමක් වුණේ නැහැ! මිනිස්සු හිතෙන මවාගන්න යථාර්තේ තමා වෙනස් වුනේ  - භෞතිකව මොකුත් වෙනස් වෙලා නැහැ!

හැබැයි චිම්පන්සියෝන්ට අවුරුදු තව ලක්ෂයක් ගියත් alpha male කෙනෙක් නැතුව චිම්පන්සි රෑනක් දුවන්න බැහැ - මොකද චිම්පන්සියෝ ගොඩකට ඔය වගේ සම්මුතියකට එන්න බැහැ! උන්ගේ ඔලුව වයර් වෙලා තියෙන්නෙම alpha චිම්පන්සියෙක් වටේ රැහේ පැවැත්ම දුවන්න!

දැන් ඉතින් ලංකාවට එමු - ලංකාවේ මිනිස්සු ඔය පරිනමනේ එක් එක් කොටස් වලට අනුක්‍රමිකව සංක්‍රමණය වෙලා නැහැ. සුද්දා ඇවිල්ල රජා නැති කරනකන් ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ එක රජෙක්ගෙන් තව රජෙක්ට (alpha male කෙනෙක්ගෙන් තවත් alpha male කෙනෙක්ට) බලය මාරු කරන්න මිසක් ඔය සිස්ටම් එක වෙනස් කරන්න නෙවෙයි. ඉතින් එක පාරම ඇවිත් සුද්දා මේ ව්‍යවස්ථාවක් දීල ගියාට අපිට ඕක පොඩ්ඩක් දිරව ගන්න තාම අමාරුයි! අපි තාම හිතෙන් හොයන්නේ රජෙක්. ගමේ මන්ත්‍රී වුණත් අපිට සමාන අපි වගේ බස් එකේ යන මිනිහෙක් පත් කරගන්න පොඩ්ඩක් හිත දෙන්නේ නැහැ. ගමේ alpha male (මන්ත්‍රී ) වුනත් ටිකක් තේජසට ඉන්න අපිට වැඩිය උඩින් ඉන්න "පොරක්" තමා පත්කරගන්න බලන්නේ!


ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියල කිව්වහම ලංකාවේ ප්‍රංශයේ එංගලන්තේ ඉන්දියාවේ හැමෝම මේකේ තේරුම දන්නවා. නමුත් ඩිමොක්‍රසි නැත්තන් ප්‍රජතන්ත්රවාදේ  කිව්වහම ඔය රටවල් හතරේ මිනිස්සුන්ට දැනෙන දේ එක වගේ නෙවෙයි! 

ඉතින් අර කොහේ හරි යුරෝපේ රටක අගමැති හරි ඇමති හරි හැමදාම වැඩට යන්නේ දුම්රියේ හිටගෙන අනික් මිනිස්සු වගේ කියල අපි හූල්ලව්වට අපිට බැහැ තාම එහෙම කෙනෙක් පාර්ලිමේන්තු යවන්න - මොකද අපේ හිතේ ඉන්න Alpha Male  ගේ පින්තූරේ ඒක නොවෙන හින්ද!

ඔය ඉඳල ඉඳල සංකේතාත්මකව බස් එකේ ගිහින් පින්තූරයක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් හැමදාම එහෙම බස් එකේ අපිත්  පොර කකා ගියොත් අවුලක් යනවා.

අපිට හැමදාමත් අපේ නායකයා අපිට වැඩිය ඉහල තැනක ඉන්න alpha male කෙනෙක් තමා හොයන්නේ! සම තත්වයේ ඉන්න නායකයෙක් වත් නායකයට ඉහලින් තියෙන ව්‍යවස්ථාවක් විශ්වාස කරන්  ක්‍රියාත්මක වෙන එක අපිට ටිකක් අමාරුයි. බලය යොදල ක්‍රමය පවත්වනවා මිසක් ව්‍යවස්ථාව තමා මුදුනා කියල සාමුහික ක්‍රමයක දුවන්නේ නැහැ (උ. දා  - පොලිසිය නැති වෙලාවට නීතිය ගරු කරන්නේ නැති රියදුරෝ වගේ අපේ නියෝජනයක් වන අපේ නායකයෝ එළි වෙන්නේ නැත්තන් ව්‍යවස්ථාවට ගරු කරන්නෙත් නැහැ )


Alpha male කතාවේ වස්තු බීජයට  මූලාශ්‍රය - Sapiens : A Brief History of Humankind  පොතෙන් 




11 comments:

  1. ඔය පොත මමත් කියවූ පොත් වලින් හොඳම එකක්. කතාවත් හරියටම හරි. අපේ කූඩැල්ලෝ මෙට්ටේ තියන්නම බැහැ!

    ReplyDelete
    Replies
    1. ඔව් එක හොඳ පොතක් - හිතළු නෙවෙයි ලියල තියෙන්නේ ... ඔක්කොම විද්‍යාත්මක සොයාගැනීම් මත පදනම් වෙලා තමා පොත පුරාම අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ

      Delete
  2. හරියටම හරි, අපේ මිනිස්සුන්ට ඕන (ටෝක්ස් දෙන, තේජස් පෙනුමැති, විරුද්ද වාදීන් සුනු විසුනු කරන) රජෙක්. අපි පොඩි කාලේ ඉඳලම පොත් වලින් ඉගෙනගන්නේ අපේ ශ්‍රේෂ්ට රජවරු ගැන. සතුරන් සුන්නද්දුලි කරපු, අන්තක්පුර තියාගෙන හිටපු, රජුගේ වචනය නිතිය වුනු, හැමෝම ඔලුව නමල නමස්කාර කරපු රජෙක් කියන්නේ තාමත් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන චිත්‍රයක්. ගහනකොට රිදෙනවා වුනත් ඒකට හැමෝම ආසයි.

    ReplyDelete
    Replies
    1. මේක අපේ පුද්ගලයා ඇතුලේ තියෙන අභ්‍යන්තර ගැටුමක් - රජා ද උත්තරීතර නැත්තන් ව්‍යවස්ථාව ද ? සමහර වෙලාවට රජා පන්නපුවහම අඩුවක් දැනෙනවා! ආපහු alpha male කෙනෙක් හොයාගෙන ගිහින් බලෙන්ම abuse වෙනවා ... abuse කරනවා බලනවා!

      Delete
  3. දේශපාලනේට එන්න හිතන් ඉන්න ස්මාට් බුවෙක් එහෙම මේවා කියෙව්වොත්.. හෙහ්.. ලස්සනට අපිව තවත් අන්දනවා :))

    ReplyDelete
    Replies
    1. කොහොමත් අන්දන එකේ ස්මාර්ට් බුවෙක්ට කියල අන්දගමු ;)

      Delete
  4. නදීර, ඔබ කියන කතාවේ කොටසක් පමනයි ඈත්ත. ඔව්, අපි Alfa male කෙනෙක් නයකත්වයට හොයනවා.ඒක තමයි මිනිස් ස්වභාවය. හෑබෑයි ඒක කරන්නේ ආසියානුවන් විතරක් නොවෙයි. ඔබ ඔය සාමාන්ය අගමෑතිවරුන් දකින කිසිම යුරෝපීය රටක රාජ්ය නයකයා අගමෑති නොවෙයි. ඒ සදහා ජනතා මුදලින් නඩත්තු කරන රජ පවුල් ඒ රටවල ඉන්නවා (මෙහේ වගේම තමයි ). එහෙම නෑති යුරෝපීය රටවල ජනපතිවරුන් කල් ගෙවන්නේ මෙහේ ඉන්න alfa malesලා වගේ ම තමයි. එකම වෙනස වෙන්නේ ඔවුන්ට පලතුරු සියල්ල අය්ති කර ගන්න බෑරි වෙන්න නීති සකසා යම් පාලනයකට යටත් කර තිබීමයි. Just like an Alfa Male in open Zoo.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ කොමෙන්ටුවට වගේම මේ කථාවට තවත් dimension එකක් එකතු කිරීමට!
      අඩු වැඩි වශයෙන් ඔය ඇල්ෆා මේල් ල ජීවත් වෙනවා ඕනෑම තැනක ඕනෑම රටක - මොකද අපි ශිෂ්ටාරගත වෙලා ගතවෙච්ච කාලය හරියට තත්පරයක් නම් අපි අවුරුදු ගානක් දඩයම් කරමින් කැලේ ඉඳල තියෙනවා. අපේ ඔලුව ශිෂ්ට කරන් හිටියට ගොඩක් වෙලාවට අපේ ශරීරය එහෙම නැහැ.
      ඔය රජවරු ඉන්න යුරෝපයේ රටවල් වල ව්‍යවස්ථාවෙන් හැමෝගෙම බලතල සීමා කරලා තියෙනවා උ. දා - එංගලන්තේ රජාට හරි රැජිනට හරි බැහැ - මනුස්සයෙක් පෙන්නලා උගේ බෙල්ල කපන්න කියන්න නැත්නම් තමන් එක්ක තරහ මනුස්සයෙක් රෑට උස්සල මරල දාන්න,
      ඒ රටවල් වල ව්‍යවස්ථාව උතුම් කොට සලකනවා... ප්‍රශ්නයක් වුනහම උත්තර හොයන්නේ ව්‍යවස්ථාවෙන් නැත්නම් නීති පද්ධතියෙන්. මේකෙන් පිට පනින මිනිස්සු නැතුව නෙවෙයි - හැබැයි විශේෂත්වේ එහෙම දෙයක් කරොත් ඒ රටවල් වල ජනයා (වැඩි දෙනෙක්) මේක tolerate කරන්නේ නැහැ
      උ. දා - බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවින්ස්කි අවුල - ඒ රට ලොකු ප්‍රශ්නයක් වුනාට ලංකාවේ ඔය වගේ ඒවා ගණන් ගන්නෙවත් නැහැ... ඇමති කෙනෙක් නෙවෙයි මන්ත්‍රී කෙනෙක් වුණත් අපි පුරුදු වෙලා ඉන්නවා ඔය වගේ පුරුදු ඉවසන්න ... මොකද ඇල්ෆා මේල් ට පුළුවන් නේ කැමති ගෑනු ගානක් තියාගෙන ඉන්න

      මෙතන වැඩේ තියෙන්නේ ශිෂ්ට වූ මනුස්සය ආපහු වල් වැදෙන එක නෙවෙයි. සමාජය ඒක අනුමත කරනවද එක කොතරම් දුරට ඉවසා සිටිනවද එහෙම දෙයක් වුනහම දැක්කේ නැහැ වගේ ඉන්නවද කියන කාරණා

      Delete
    2. ස්තූතියි නදීර, මම කියන්න උත්සහ කලෙත් ඔබ කියන දේම තමයි. Alfa Male or Alfa Leader කියන්නේ සමාජීය ජීවිතයක් ගත කරන සියලු ක්ෂීරපායින්ට පොදු ලක්ෂනයක්. සමාජය හෝ ජන කන්ඩායම ඉදිරියට යන්නේ Alfa Male නායකත්වය යටතේයි.අපි ශිෂ්ඨ වෙනකොට කරන්නේ හීලෑ කරගත් Alfa කෙනෙක් තෝරා ගෑනීමයි.ඒක කරන්නේ ඔබ කියා ඈති ලෙසටම ව්‍යවස්ථාවෙන් නැත්නම් නීති පද්ධතියෙන්.(those are the boundaries of open zoo)ඒ අය යහපත් ලෙස හෑසිරෙන්නේ ඔවුන්ගේ විශේෂ හොදක් නිසා නොවෙයි.මේ නීතිමය සීමාවන් නිසයි. හෑබෑයි ඈතින් බලන අපට මේ boundaries පේන්නේ නෑති නිසා අපි හිතනවා ඔවුන් Alfa Male නෙවෙයි කියා. එහෙම හිතලා මෙහෙට Gama හරි ඊටත් එහා ගිහින් පඹයෙක් හරි දාගෙන හොදම එකෙන් කෙලවා ගන්නවා. කල යුත්තේ Alfa ප්‍රතික්ෂේප කිරීම නොවෙයි. Zoo එකේ boundaries ටික හදා ගෑනීම්යි.අපේ cricket කන්ඩායමේ එකම ක්‍රීඩකයන් නායකයන් දෙදෙනෙක් යටතේ හෑසිරෙන වෙනස් ආකරය සරල උදාහරණයක්.

      Delete
  5. අද ලංකා‍‍වේ තත්වය ඔබ මේ වසරේ පෙබරවාරිදීම දැකලා තියනවනේ...

    ReplyDelete
  6. තව ටිකක් මේ කතාව දිගට යන්න ඕනි නදීර. හැම මිනිහෙකුගෙම පරිකල්පන ශක්තිය හෝ බුද්ධි මට්ටම් සමාන නෑ. ඒක හදන්නත් බෑ.උන්ට අනුව alfa male ok නම් වැදුම් පිදුම් කරන්න ආසයි නම් ( රාසිං දෙයියො, ගලේ බණ්ඩාර දෙයියො කියාගෙන) උන්ගේ ආතල් එක අපේ angle එකෙන් analyze කරන්න ගිහින් වාමාංශිකයා කරගත්ත suicide dialect එකට යන්නත් එපා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...