Monday, May 14, 2018

බ්‍රසීලයේ සමනලයකුට පියාපතක් සලා ටෙක්සාස් වල ටොනේඩෝවක් ඇති කළ හැකිද?

බ්‍රසීලයේ සමනලයකුට පියාපතක් සලා  ටෙක්සාස් වල ටොනේඩෝවක්  ඇති කළ හැකිද?





මෙය 1972 දී ඇමරිකාවේ සිටි කාළගුණ විද්‍යාඥයෙකු සහ ගණිතඥයෙකු වූ එඩ්වර්ඩ් ලෝරන්ස්  (පසුකලෙක මහාචාර්ය ලෝරන්ස්) විසින් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක පත්‍රිකාවක මාතෘකාවයි.  මෙහිදී ලෝරන්ස් විසින් පෙන්නා දීමට උත්සාහ කලේ කාලගුණය වැනි සංකීර්ණ ක්‍රියාදාමයක් පිලිබඳ අනාවැකි ඉදිරිපත් කිරීමට යොදාගන්නා පරිඝනක ආකෘති (computer simulation models) වලට අප ලබාදෙන මූලික දත්ත වල ඉතා සුළු වෙනසකින් ආකෘතියෙන් ලබාදෙන අනාවැකියේ විශාල වෙනසක් සිදුවිය හැකි බවය. උදාහරණයක් ලෙස ආකෘතියට ලබා දෙන මූලික දත්තය 0.506127 වෙනුවට 0.506 යෙදීමෙන් එකිනෙකට ඉතා වෙනස් කාලගුණ අනාවැකි දෙකක් ලබාදෙන බවය

ලෝරන්ස් විසින් මෙසේ ප්‍රශ්න කරන්නට යෙදුනු දෙයින් විද්‍යාත්මක අනාවැකි පළකිරීම පිලිබඳ සීමාවන් සොයා යෑමටත් විද්‍යාත්මක අනාවැකි පළකිරීම නව මානයකට යෑමත් පසු කලෙක ව්‍යකුලත්වය පිලිබඳ න්‍යාය හෙවත් Chaos Theory බිහි කිරීමට හේතු විණ. 


මෙය ලිව්වේ අම්ල වැස්සක් අල්ලාගෙන පරිසර ප්‍රශ්නයක් ආගමික ප්‍රශ්නයක් කිරීමට වෙර දරන ශ්‍රී ලංකික එකොලොජිස්ට්ලා පිරිසකගේ දැනගැනීම සඳහාය!

බ්‍රසීලයේ සමනලයෙක් පියන් සැලීම සහ ටොරොන්ටෝවේ ටොනේඩෝවක් අතර ගණිතමය සම්බන්ධයක් ගොඩ නැගිය හැකි වුවත් ටොනේඩෝව හට ගැනීමට සමනලයෙක් පියා සැලීමට එහා ගිය කාරණා සම්පූර්ණ විය යුතු බවත් ටොනේඩෝ ව ඇති වුයේ සමනලයා නිසා නොවන බවත් වෙන් කර වටහා ගැනීමට දශක හතරකට පෙරත් ඇමෙරිකාවේ විද්‍යාඥයින් සමත් වුහ. 

නමුත් අපි?

උපන්දා සිට බත් කෑ අපි, ප්ලාස්ටික් ඉව්ව විට බත් වන බව සිතා කාලයක් භීතියෙන් සිටියෙමු. ජාතිය වද වේ යැයි කීවෙමු. 

දැන් ඉතින් හෙට අනිද්දා පරිසර ප්‍රශ්නයක් ආගම් ප්‍රශ්නයක් කර ගත්තාට පුදුම විය යුතු නැත! ලංකාවේ නම් සමනලයෙකු තට්ටක් වැනු විට සුළි සුලන් ඇති වීමට හැකිය! ඒ බව අපි දැන සිටිය යුතුය!



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...