ඊයේ දිනයේ අප සරල ජනාධිපති පැවසු ආකාරයට බැඳුම්කර වංචාවේ රජයට පාඩුව රුපියල් බිලියන 8.5 කි.
බැඳුම්කර වංචාව - රු බිලියන 8.5
සිල් රෙදි මගඩිය - රු බිලියන 0.6
ඉහත මගඩි දෙකෙහිම එකතුව රුපියල් බිලියන 10 වත් වන්නේ නැත.
2017 විදුලි තෙල් බිල - රු බිලියන 80
කෙරවලපිටිය බලාගාරය ප්‍රාග්ධන වියදම දෙගුණයක් බව පෙන්වීම නිසා ගෙවීමට සිදුව ඇති මුදල - රු බිලියන 46
(මෙම බලාගාරයේ ගිවිසුමට (PPA - Power Purchase Agreement) අනුව මෙහි ප්රාග්ධනය අය කරගන්නේ සාමාන්‍ය පිළිගත් අගය මෙන් දෙගුණයකි. සිංගප්පුරුව, ඔස්ට්‍රලියාවේ පමණක් නොව ඇමෙරිකාවේ එවැනි සංයුක්ත බලාගාරයක් සෑදු විට වැයවන්නේ මේ මුදලින් භාගයකට ආසන්න මුදලකි. මෙය මේ පිළිබඳව අධ්‍යනය කල පිළිගත් දෙස් විදෙස් විශේෂඥයන් මඩුල්ලක් මගින් සනාථ කොට ඇත (Pathfinder Foundation-Sri Lanka, Economic Consulting Associates-UK, KPMG Sri Lanka).
අදාළ වාර්තාවට දිගුව - http://www.pucsl.gov.lk/english/wp-content/uploads/2015/01/Final-Report_Web-Publish.pdf
මේ පිළිබඳව කලින් ලිවූ බ්ලොග් සටහන - විදුලි බලාගාර කළමනාකරුවා ඔබෙන් සඟවන සත්‍යය
නමුත් අප විශාල කාලයක් සහ සම්පත් ප්‍රමාණයක් වැය කරමින් සොයන්නේ මෙවැනි ඩීල් ගැන පාඩු වංචා ගැන නොවේය.
මෙයින් මා අදහස් කරන්නේ සුළු ප්‍රමාණයේ හොරකම් නොසලකා හැරිය යුතු බව නොවේය. මා පවසන්නේ විශාල වශයෙන් සිදුවන පාඩු (නොපෙනී සිදුවන පාඩු) සහ වංචා ගැනත් අප අවධානය යොමු කාල යුතු බවය.
දැන් ඉතින් මෙය සෙව්වේ නැතැයි කියා සරල ජනාධිපතිට බැණලා වැඩක් නැත. ඔහු දුන්නේ ඉල්ලුමකට සැපයුමකි.
අපේ සිතුම් පැතුම් සරලය. අප අවධානය යොමු කරන්නේ සරල කරැණු වලටය. අපේ ජනාධිපති ද සරල මිනිසෙකි. එබැවින් අප ඉල්ලන්නේ සරල හොරකම් ගැන සොයන මෙන්ය.
හාල් මැස්සන් තෙල් දැමු විට රසය - එහි විවාදයක් නැත. නමුත් තල් මසුන්ද අල්ලාගත යුතුය.
මේවා සරල කොට හැමෝටම තේරෙන්නට ලිව්ව විට, ඩීසල් විදුලි බලාගාර කළමනාකරු අපට පහර දෙන්නට එන්නේ ධම්මපද ගාථාව කුත් රැගෙනය. ඔවුන්ට අනුව "මේ විෂයන් ඉතාමත් සංකීර්ණය. ඒවා අනෙක් අයට තේරෙන්නේ නැත. විදුලි බලාගාරයෙන් පඩි ගන්නා අය පමණක් මේවා ගැන කථා කල යුතුය. විදුලි ඉංජිනේරුවෙක් බ්ලොග් ලිව්වොත් ඔහුට විදුලි පද්ධතිය ගැන තේරෙන්නේද නැත. එවිට ඔහු නිකම්ම නිකම් බ්ලොග්කාරයෙකි. 2015 මුල් භාගයේ විදුලි ඒකකයක් රු. 45 කට විකිණු බව කියූ සියලුම රාජ්‍ය වාර්තාද වැරදිය "
මේ ඩිසල් මාෆියාවයි! මේවා ගැන කථා කලොත් ඔවුන් අපට පහර දෙන්නේ එසේය!
සමබර ආහාර වේලක් දරුවාට නිසි අධ්‍යාපනයක් දීමට නොහැකි මිනිසුන්ගේ බදු සල්ලි සොරා ගැනීමට ඔවුන්ට අයිතියක් ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
අප කාන්තාවන් අපනයනය කොට ඩීසල් ආනයනය කරමු!
ඇඩෙනවා! :'(
ReplyDeleteඅපිට එහෙම වෙද්දී තව කට්ටියක් හිනා වෙනවා
Deleteලංකාවේ මෙවැනි දේ නිතර සිදු වන්නේ, ඒවා සිදු කරන අය ඒවා ගැන වගකීමක් දැරිය යුතු නොවන බැවිනි. තමන් කල දේ පිළිබඳ වගකීමෙන් ගැලවී යාමට නො හැකි සේ රටේ නීති සකස් කල යුතු වේ.
ReplyDeleteමේ සියල්ල සිදු වන්නේ නීතියේ ඇති අඩු ලුහුඬු කම්, ක්‍රියාත්මක නොවීම නිසායි. නීති සම්පාදනය කොට දූෂණ හා පාඩු අවම කිරීම පාලකයන් ගේ වගකීමයි. අවාසනාවකට අපේ පාලකයන්ට තමන් ගේ බඩ වඩා ගැනීමේ කාර්යය ප්රමුඛ බැවින් මේ දේවල් අතපසු වේ. තවද එසේ කිරීම, තමන්ට ද අවාසි විය හැකි බව ඔවුන් සිතනු ඇත.
පාලකයින් ගේ උපදේශකයින් මේවා ගැන නොදනිති. ඒ නිසා පාලකයින්ට මේ දේවල් පිළිබඳ උපදෙස් ලැබෙන්නේ ද නැත. එසේ දැන ගැනීමට අවශ්‍ය ද නැත. මේ අපේ රටේ අවාසනාව හා අනාගතයේ තරමයි.
දවසකට කීප වතාවක් විදුලිය විසන්ධි වන අපේ රටේ විදුලි ඉංජිනේරුවන් ගැන කතා කිරීම දුකකි, ලැජ්ජාවකි.
මේ රට තමන් ගේ යැයි සිතන පිරිසක් මේ තැන් වල නො සිටීම අපේ අවාසනාවයි.
විමල ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට... ඇත්තටම මට පේන හැටියට පාලකයන්ට බැණලා වැඩක් නැහැ.... අපේ මිනිස්සුම තමා පාලකයෝ පත්කරගත්තේ ප්රජාතන්ත්රවාදී විදියට.... ඔය පාලකයෝ ඔක්කොම බලෙන් පත්වුණ අය නෙවෙයි - අපිම චන්දෙ දීල පත්කරගත්ත මිනිස්සු..... ගොඩක් චන්දෙ දීපු මිනිස්සු දන්නේ නැහැ ඒ මිනිස්සු අහවල් පුද්ගලයට කතිරේ ගැහුවේ ඇයි කියල... ඔය බැනර් උස්සන් යන මිනිස්සු දැක්කහම පේනවා නේ....
DeleteThis country is not run by POLICIES.... It is run by PERSONALITIES
Prof. Kumarage
Face the nation Dec 11 th
අනික් දේ තමයි නිලධාරීන්!!! දේශපාලකයෝ නරකයි තමයි.... හැබැයි වඩාත් දූෂිත නින්දිත වන්නේ නිලධාරීන් .... මේ ගැන කලා හිතත් ලියල තිබ්බා හොඳ බ්ලොග් පොස්ටුවක් - http://kalahitha.blogspot.qa/2017/02/politicians-are-little-better.html
කිසිම දේශපලකයෙක්ට හැකියාවක් නැහැ අදාළ බලධාරියාගේ අනුදැනුම අශිර්වාදේ නැතුව මේ දේවල් කරන්න.... පාලකයාට වැඩිය නිලධාරියා තමන්ගේ බඩ ගැන හිතනවා... අන්න එකයි අපිට වරදින ප්‍රධාන තැන!
ගොඩාක් අය හිතනවා නිකන් මොකටද අහක යන නයි සරම අස්සේ දාගන්නේ... වැල යන පැත්තටම මැස්ස ගහල අපේ පාඩුවේ ඉන්නවා... ඕවට විරුද්ධව කථා කරන්න ගිහින් අපිට මොකටද පාඩු කරගන්නේ? අපිට මොනවද ලැබෙන්නේ? මම මොකටද අවදානමක් ගන්නේ ? ඔන්න ඔය ආකල්පත් මේ තත්වෙට ප්‍රධානම හේතුවක්!