Wednesday, October 24, 2018

ටැක්සි මීටරෙන් පුලුවන්ද ඇප් එකේ (Uber, PickMe) සේවාව දෙන්න ?

මේ Uber Pickme ප්‍රශ්නේ ගැන කථා කරද්දී මම දැක්ක සමහරු කියනවා ටැක්සි ඔක්කොටෝම මීටර් දාල ඔය ඇප් වලින් මිනිස්සු සූරා කන වැඩේ නතර කරමු වගේ තර්කයක්!



මට නම් ඒක පෙන්නේ නිකන් ෆේස්බුක් මොකටද යාළුවොන්ගේ නොම්මර තියෙන්නේ කථා කරන්න චැට් කරන්න ... මොනවා හරි ලියල යවන්න ඕනේ නම් ඊමේල් තියෙන්නේ වගේ තර්කයක්!


ඔය ride hailing ඇප් එකකින් දෙන පහසුකම් ටික මීටරෙකින් දෙන්න බැහැ.

උදාහරණ කීපයක් කිව්වොත් -

විනිවිද භාවය -මීටරේ තිබ්බට නොදන්න තැනකදී අපේ අයියල අපිව පරංගියා කෝට්ටේ ගියා වගේ ගෙනියන ඒවා track කරගන්න එක වගේම ක්‍රමාංකනය (calibration) නොකරපු මීටර් ප්‍රශ්න... හැම ගමනක්ම වියදමේ සම්පුර්ණ විස්තරෙත් එක්ක ගමන් මාර්ගය බලාගන්න පුළුවන් ... මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් ඇප් එකෙන්ම පැමිණිල්ලක් දාල වැඩියෙන් ගියපු මුදල ලබාගන්නත් පුළුවන්.

ආරක්ෂාව - පාරේ අත දාල නතර කරගන්න ටැක්සියේ මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් කවුද ටැක්සි කාරයා ගේ විස්තර හොයන එක ලේසි නැහැ....

ඒ වගේම පහසුව - තමන් ඉන්න තැනටම ගෙන්න ගන්න පුළුවන් ටැක්සිය..... අනික් එක මග දාල යන්නේවත් අපිට තව පොඩ්ඩක් දුර යන්න වුනොත් තව 100 දෙන්න 200 දෙන්න වගේ වාදයකට යන්න උවමනාවකුත් නැහැ!
මේ පහසුකම් වලින් එකක් දෙකක් විතරයි.


අනික් එක නුවර වගේ නගරයකට ගියොත් එක ත්‍රිවීල් එකක් නැහැ මීටරයක් තියෙන! නුවරට පික්මී ආවාට පස්සේ මම ටවුමේ ඉඳන් ගෙදරට යන්න ගෙවන්නේ සාමාන්‍ය ත්‍රී වීල් එකකට ගෙවන ගානෙන් භාගයකට සමාන ගාණක්... පික්මී එකේ වීල් දුවන මල්ලිලත් සන්තෝසෙන් ඉන්නේ - එක හයර් එකකින් ලැබෙන ලාභෙ අඩු වුනාට දවස පුරා වැඩි හයර් ගානක් දුවල දවස අන්තිමේදී ලැබෙන මුළු ලාභය වැඩි හින්ද! එහෙදිත් මම දැකල තියෙනවා ඔය කළු කඩ ගාණට හයර් දුවන්න බලන් ඉන්න ත්‍රී වීල් කාරයෝ මේ ඇප් වලින් දුවන අයට චණ්ඩි පාට් දානවා!

මම පුද්ගලිකව ලංකාවේ වගේම වෙනත් රටවල් වලදීත් ඔය ride hailing ඇප් පාවිච්චි කරලා තියෙනවා... ප්‍රධානම දේ තමා මමයි මගේ නෝනයි දුවයි කටාර් වල හිටපු අවුරුදු 3 කට ආසන්න කාලයේදී අපි තුන් දෙනාම පුද්ගලික වාහනයක් පාවිච්චි කලේ නැහැ (ගොඩක් අය කිව්වට විශ්වාස කරන එකකුත් නැහැ).... හැම ප්‍රවාහන වැඩ කටයුත්තක්ම කරගත්තේ ඔය ඇප් වලින් ටැක්සි ගෙන්නාගෙන.... අවුරුදු 3 ඉවර වෙලා බලද්දී වාහනයක් පාවිච්චි කරපුවහම යන ගානත් එක්ක බලද්දී (වාහනේ රෙපෙයාර්, වාහනේ අවුරුදු පතා ගණන් අඩු වෙන එක (depreciation), වාහන රක්ෂණය, බලපත්‍ර ආදී මෙකී නොකී වියදම්) මේ විදියට වලින් වැඩ ටික කරගත්ත එක ලාබයි... මෙහෙදී නම් ඉතින් රස්නේ කාලෙ පාර්ක් කරලා රත් වෙලා තියෙන වාහනේකට නගිනවට වැඩිය හොඳට සීතල වෙලා තියෙන වාහනයක් දොර ගාවටම එනවා වගේ වාසිත් තියෙනවා!

ටිකක් වෙලාව අරං මේක ලිව්වේ ඔය ඇප් එන්න කලින් තිබ්බ වගේ ආපහු පාරිභෝගිකයා (විශේෂයෙන් සංචාරකයෝ) හූරගෙන කන්න මාෆියාවක් හදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න සුළු පිරිසකගේ නොමග යැවීමට කිහිප දෙනෙක් අහු වෙලා තියෙනවා බුකියේ දැකපු නිසා.

ඔය වගේ සේවාවන් තවත් ආවහම ඇප් එකෙන් ගන්න ලාභය අඩු වෙලා ගුණාත්මක සේවාවත් ඉහල යයි තරඟ කාරීත්වය නිසා - එක නිසා කරන්න අවශ්ය් තියෙන සේවාව නතර කරන එක නෙවෙයි ---- තවත් මේ වගේ සේවාවන් සලසන්න පහසුකම් සලසන එක!

2 comments:

  1. ඔව් ත්‍රීවීල් කාරයන්ට හිතෙන හිතෙන ගනන් අයකරලා ගසාකන්න බෑ මෙිවා තියනකොට. ඇප් සේවාවන් වැඩි වුනාම ඔවුන්ගේ ගනන් තව පහල ඒවි හරියට දුරකතන වල වුනා ව⁣ගේ.

    රටක් වුනාම ලෝකෙත් එක්ක ඉදිරියට යනවා මිසක් ගෝත්‍රිකයන්ට ඕන විධිහට රිවස් එකේ යන එක නෙමේ කරන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු හැම නීතියකටම සිස්ටම් එකකටම වැඩිය අපි දක්ෂයි කියල හිතල ඒවගෙන් මිදිලා ක්‍රියාත්මක වෙන්න තමා බොහෝ විට උත්සාහ කරන්නේ.

      උ. දා - පොලිස් කාරයා නැති විට ඉරි කැපීමේ සිට

      Delete

Related Posts Plugin for WordPress, Blogger...