Sunday, July 23, 2017

ඉදිරි වසර 20 ජාතික විදුලි බල සැලැස්ම (වචන වලට එහා ගිය විවරණයක් සරලව)

ශ්‍රී ලංකාවේ ඉදිරි වසර 20 සඳහා විදුලි බල සැලැස්ම අනුමත කොට ඇත. ඉතින් අපිට පාන්ද යැයි නොඅසන්න... අපට ඕවා තේරෙන්නේ නැහැ යැයි නොකියන්න.... සරලව මෙම සැලසුම ඔබේ දැනුමට සහ රසාස්වාදයට සරලව මෙසේ ගෙන ගෙන හැර පාන්නෙමි!


සැලසුමේ සාරාංශය 

ජාතික විදුලි පද්ධතියේ දැනට ඇති ධාරිතාව මෙගාවොට් 3887කි. ඉදිරි වසර 20 තුලදී මෙම සැලසුමට අනුව මෙගාවොට් 8371 එයට එකතු කරනු ලැබේ. මෙය එකතු කරනුයේ ක්‍රමානුකුලව එක්  එක් වර්ෂයේදී එක් එක් ශක්ති ප්‍රභවයන්ට බෙදා අදාළ සලසුමකටය. ඒ අතර මෙගාවොට් 1257ක විදුලි බලාගාර ක්‍රම ක්‍රමයෙන් විශ්‍රාම යවනු ලැබේ. 

මේ අලුතෙන් එකතු වන මෙගාවොට් 8371 සැදෙන්නේ මෙසේය -   මෙගාවොට් 4800 ස්වභාවික වායුය, මෙගාවොට් 330 දැවී තෙල් ය, මෙගාවොට් 105 ගෑස් ටර්බයිනය. මෙගාවොට් 457 ජල විදුලියය, මෙගාවොට් 1389 සූර්ය බලයය, මෙගාවොට් 1205 සුලන්ය, මෙගාවොට් 85 දැව (දර)ය.

මෙගාවොට් 4800 ක ස්වභාවික වායු බලාගාර - අනේ වාසනාවන් පුදුම සුස්ටනබ්ල් රටක්නේ අප්පා - එසේ නොකියන්න මා ප්‍රිය හිතවතුනි! ඊළඟ අවුරුදු 10 -15 ටවත් මේවා ද දුවන්නේ ඛනිජ තෙල් දමාය (ස්වභාවික වායු ඩිසල් වගේ රටකට ගේන්නට බැරිය ඒවාට අවශ්‍ය විශේෂ යටිතල පහසුකම් සැදිය යුතුය) - එහ් එහෙමද? ඔව්! සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිවහොත් මේවාද බෝඩ් එක හැරුණු කොට ඩිසල් බලාගාරය - දුවන්නේ ඩීසල් දමාය. නමුත් මේවාට අප කියෙන්නේ ස්වභාවික බලාගාර කියාය. ස්වභාවික වායු බලාගාර දැම්මා ගල් අඟුරු බලාගාර පැන්නුවා යැයි ඔල්වරසන් දෙන පරිසරවේදීන්ට මේවා පෙන්නේ නැත. 

එහෙම බැලුවාම ඊළඟ වසර 20 තුල ජාතික විදුලි පද්ධතියට ඩිසල් බලාගාර මෙගාවොට් 5235 එකතු වේ (ස්වභාවික වායු 4800 + දැවිතෙල් 330 + ගෑස් ටර්බයින් 105 = 5235). 

එසේ නම් සැලසුමේ සැබෑවටම ඇති ඩීසල් බලාගාර වල මුළු ප්‍රතිශතය 62.5% කි

මෙවට ගෙවන්නේ ඩීසල් වියදම සහ ඒවා දමන සමාගමේ සුළු ලාබයයි (සුළු යන්නට විවිධ අගයන් ඇත). මේවාට අයිසින් ගා ලස්සනට පත්තර වලට දමා ඇත. හදවතින්ම ශ්‍රී ලාංකික පරිසරවේදියෝ මේ දැක සතුටු කඳුළු හෙලති. පරිසරහිතකාමී ජනයාද ඔල්වරසන් දෙති. 

මේවාට ගෙවන්නේ ඔබෙත් මගෙත් අප අනාගත පරම්පරාවේත් සල්ලිය. ඉතින් මේ වගේ sustainable power generation plan එකකටත් මූ මෙහෙම කිව්වා නේ යැයි මට  බැන්නට වැඩක් නැත. sustainable බෝඩ් දමා ඩිසල් බලාගාර දිව්වාට පරිසරයට හොඳක් වන්නේද නැත. ඩිසල් මාෆියාවේ සිටින හොරුන් ටිකකට පමණක් හොඳක් වේ - ඒක පෙන්නේ නැතුව රටට සිදුවන මහා පරිමාණ පාඩුවකි (වසරකට ගුවන්තොටුපළවල් 5-6 සැදීමට හැකි මුදලකි). 

අප ජීවත් වන්නේ ඩෙංගු රෝගීන් දෙදෙනෙකු එකම ඇඳේ (හෝ සමහර ලෙඩුන් බිම පැදුරකද) දමා ප්‍රතිකාර කරන රටකය. ශරීර අභ්‍යන්තරයේ තරල කාන්දු වී ලේ වහනය වී  වේදනාවෙන් සිටින ඔවුන්ට ඇඳක් නොදී මේ වාගේ විකාර කෙරුවාට අප sustainable රටක් වන්නේ නැත!



පිංතූරය  - TIMESRILANKA 



පින්තූරය - dailymirror 

7 comments:

  1. විදුලි බල සැලසුම බොහොම වටිනා එකක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි... රටේ දිශානතිය වෙනස් කරන්නට පුළුවන් සැලැස්මක්.... මේක හරියට හදාගන්නේ නැති වුනහම නොපෙනී පෙනෙන පාඩුව ඉතාමත් විශාලයි... අපි බැඳුම්කර වංචාව, හම්බන්තොට ගුවන්තොටුපල වගේ දේවල් පාඩු කියල හිතන් හිටියට මේ බලශක්තිය හරියට කළමනාකරණය නොකිරීමෙන් සිදුවන පාඩුව වසරකට ඉහත පාඩු කිහිපයක් වෙනවා හා සමානයි.... සාම්පුර් ගල් අඟුරු බලාගාරය අවලංගු කොට එම ධාරිතාව කෙරවලපිටිය වැනි ස්වභාවික වායු බෝඩ් සහිත ඩිසල් විදුලි බලාගාරයකින් එම අඩුව පිරවූ විට ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව වසරකට මත්තල ගුවන්තොටුපළවල් 4 සැදීමට ප්‍රමාණවත් මුදලක්. මෙය එම අඩුව පිරවීමට වැයවන මුළු මුදල නොවේ. වැඩිපුර ගෙවීමට සිදුවන මුදලයි.

      Delete
  2. ස්වාභාවික වායු කිව්වම ගොඩක් එවුන් හිතන්නෙ පුනර්ජනනී එකක් කියල​. ඒකත් ෆොසිල ඉන්ධනයක් තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි... එයත් පොසිල ඉන්ධනයක්.... සැදීමට අවුරුදු මිලියන ගණනක් ගත වෙනවා... නමුත් දහනයේදී පිටවන විමෝචක වල පාරිසරික බලපෑම ගල් අඟුරු සහ තෙල් වලට වඩා අඩුයි .... ඉතින් සාපේක්ෂව පරිසර හිතකාමී පොසිල ඉන්ධනයක් තමා ස්වභාවික වායු එහෙමත් නැතිනම්

      Delete
    2. Liquefied Natural Gas කියන්නේ

      Delete
  3. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/

    පොඩි ස්පෑම් පාරක්

    ReplyDelete
  4. මොනවා උනත් ස්වාභාවිකනේ!
    ඒක නිසාද අපේ ඕන දේටයි එපා දේටයි හැම එකකටම පනින 'පරිසර' කෂ්ටිය තාම එන්ටර් වෙලා නැත්තේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...