Wednesday, May 24, 2017

ඉන්දියාවේ බලශක්ති ඇමති හා අපේ ඇමති - මනං කල්පිත ලෝකය සහ පියවි ලෝකය

අපෙන් සුද්දා අවුරුදු 500 විතර හොරා කෑවේය. අන්තිම අවුරුදු 200 අපෙන් හොරා කන අතර කාර්මික විප්ලවේ කොට ඇති තරම් පරිසරය දූෂණය කළේය. සුද්දා අපෙන් නිදහස් වූ පසු අපි උන්ගේ වැදී බණ අසා ලෝකය ගෝලීය උණුසුමින් බේරා ගැනීමට උත්සාහ කරන්නෙමු. ඒ අතර අපේ එවුන් කුණු ගොඩට යටවී පණ පිටින් වැළලෙති. මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ලත වෙති. අපට අපේ එවුන් ටික බේරා ගැනීමටත් බැරිය. එහෙවු අපි මුළු ලෝකයම ගෝලීය උණුසුමින් බේරා ගැනීමට පුළුවන් යි සිතමින් ඒ අනුව ක්‍රියා කරමින් තවත් දුප්පත් කමේ අන්තයටම වැටෙන්නමු. අප එසේ මනං-කල්පිත ලෝකයක සිටිනා බව අපි පිළිගැනීමට අකමැතිය. එසේ කියනා එවුනුත් ඔවුන්ගේ හතුරන්ය (මාත් ඇතුළුව)

ඉන්දියාවේ බලශක්ති ඇමතිවරයා සිටින්නේ මේ මහා පොළොවේ පය ගසාය. ඔහු සිතිනුත් සිටිනුයේ මේ ලෝකයේය. 

නැතිනම් ඔහු මෙසේ කියන්නේ නැත 
"අපේ ජනයාගෙන් 30% අන්ත දිලින්දුන්ය. මට ඔවුන් ට මෙසේ කීමට නොහැකිය (වරහන් ඇතුලේ (කලිසමක් ඇඳගෙන)) "සුද්දා පහුගිය අවුරුදු 200 ම පරිසරය දූෂණය කොට වායු ගෝලය උණුසුම් කරේය. ඔවුන්ගේ පවු ගෙවීමට නුඹලා 3 ගුණයක් වැඩියෙන් විදුලියට ගෙවාපල්ලා"

"Thirty per cent of our people are living in poverty,” he says. “I cannot tell them: British people have benefited from coal-based power for 200 years and have spewed all that carbon up there and now India will pay three times the cost.


"හවස හයට ඔක්කොම ශට් ඩවුන් කරපල්ලා ඔන්න ඉර බැස්සා කියන්න බෑ "



මීන් වයිල් - ලංකාවේ බලශක්ති ඇමති "මම යුද්ධයක් කරනවා වගේ සූර්ය බලසන්ග්රාමේ කරන යනවා පසු නොබලා"

අපේ ඇමතිතුමාගේ කථාව මෙතනින්!

විදුලිය ඒකකයක් මිලදී ගන්නා රුපියල් 22 ත් විදුලි ඒකකයක් විකිණීමේ සාමාන්‍ය අගය වන රුපියල් 16 (2016 මහා බැංකු වාර්ථාවට අනුව) අතර වෙනස ගෙවන්නේ කවුරුන්ද කියා ඔහු දන්නේද නැත.

අපේ මාධ්‍යවේදීන් එවැනි ප්‍රශ්න ඔවුන්ගෙන් අසන්නේද නැත. අසන්නට ඔවුන් ඒවා ගැන දන්නේද නැත. ඔවුන්ගේ ප්‍රශ්න වනාහි ඉල්ලුමට සපයුමකි. 

අපි හුරේ දමමු! අපේ මේ නාටකේ දෙස බලා සුද්දා අනුකම්පා කරණු ඇත්දැයි හිනා වෙනු ඇත්දැයි මම නොදනිමි.!

2 comments:

  1. මම පරිසරය දුෂණය වෙනවට විරුද්ධ අයෙක්...
    නමුත් බොරුවට ග්‍රීන් වෙන්න ගිහින් අපේ වගේ දෙකයි පණහේ රටවල් අතින් කාල හරක් බලන්න යන්න නරක බවත් අදහන කෙනෙක්...

    ඉන්දියන් බලශක්ති ඇමතිගේ අහලකින් තියන්න බැහැ අපේ ඉන්න උන්ව... ;(

    ReplyDelete
    Replies
    1. පරිසර දූෂනෙට මමත් විරුද්ධයි.... sustainability නාමෙන් අපේ එවුන් කරන ගොනාට ඇඳ ගැනිල්ලයි නාස්තියයි විකාරයි තමා ඉතින්.... අපේ දේශපාලකයෝ වගේම විශාරද දැනුමක් තියෙන වෘතිකයොත් මේකට වග කියන්ඩ ඕනේ....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...