Thursday, February 23, 2017

ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම

බලශක්තිය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය කල් ඉකුත් ව ඇති අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා රටේ බලශක්ති ව්‍යාපෘති සඳහා එක් එක් ව්‍යාපෘති සඳහා "ප්‍රතිපත්තිමය තීරණ" ගනිමින් සිටී.


රටේ නායකයා කල යුත්තේ මේ සඳහා ඇති ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමය. එවිට එම ප්‍රතිපත්තියට අනුකූලව නව ව්‍යාපෘති ඇති කිරීම අදාල අධිකාරී මගින් කරනු ඇත. micro management කරමින් එක් එක් ව්‍යාපෘතිය ගැන තීරණ ගැනීමට සහ තමන්ට හිතෙන ආකාරයේ ව්‍යාපෘති ඇති කිරීමට යාමෙන් සිදුවන දෙයින් වන්දි ගෙවීමට සිදුවන්නේ මුළු මහත් ජාතියටම බව අපට නොතේරෙන අතර එය දේශපාලකයන්ට තේරෙන තුරු බලා සිටිමු.


මධ්‍යම පරිසර අධිකාරියෙන් රටේ පවතින පාරිසරික නීති වලට අනුකුලව අනුමත කරන ලද ව්‍යාපෘතියක් ඇතිවිය හැකි පාරිසරික ප්‍රශ්න හේතුවෙන් අවලංගු කර දැමීමට දේශපාලන නායකත්වය තීරණය කිරීම ප්‍රශ්න කල යුතුය. අප පරිසරවේදීන් එක් එක් ව්‍යාපෘතිය පසු පස හඹා ගොස් එක් එක් ව්‍යාපෘතියට විරෝධතා දක්වනවා ඇරෙන්නට පරිසරය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සහ පරිසරය සම්බන්ධ නීති රීති හා රෙගුලාසි වෙනස් කිරීමට බලපෑම් කරන්නේ නැත. එවැනි ඔලුවට බර කාරණා ගැන කථා නොකර හුදී ජනයාගේ ලේ කුපිත කරවන තේරුම් ගැනීමට ලෙහෙසි විරෝධතා ව්‍යාපාර සහ දැනුවත් කිරීම් කිරීමට අප පරිසරවේදීන් ඉතාමත් දක්ෂය. අපද ඒවාට ඉතා කැමතිය.

මෙවැනි දේවල් පිලිබඳ තිබිය යුත්තේ දිගුකාලීන වැඩ පිළිවෙලකි. රටක බලශක්තිය සහ පරිසරය පිලිබඳ තීරණ ගත යුත්තේ දශක කිහිපයක් ඉදිරයට සිතාය.
ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදුවන බැවින් දේශපාලකයන් මේ පිලිබඳ දැනුමක් ඇති වෘතිකයන්ගේ හඬට ඇහුම්කන් නොදෙති.


අප රටේ කොතරම් ප්‍රශ්න තිබියදීත් බොහෝ මිනිසුන් තම එදිනිදා අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට නොහැකිව සිටිද්දී අප ගෝලීය උණුසුම අඩු කිරීමට යි කියමින් ඉතා මිල අධික තාක්ෂණයක් මිලදී ගනිමින් සිටින්නෙමු.අපට එම තාක්ෂනය අලෙවි කරන රටවල් වුවද එම තාක්ෂනයන් භාවිත කරනුයේ සීමසතිතාවය.එහෙත් අප - ඉවක් බවක් නොමැතිව එම තාක්ෂනයයන් අප රටට ආනයනය කරමින් සිටින්නෙමු. අප ජනයා එම ප්‍රවෘති කියවමින් සතුටු කඳුළු වගුරුවමින් සිටිති!


තවද අප මැද පෙරදිගට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස යවා එම ලැබෙන මුදලින් මැද පෙරදිගින් ඛනිජ තෙල් මිලදීගෙන වැඩි මිලට විදුලිය නිපදවමින් සමාගම් කිහිපයක් පොහොසත් කරමින් සිටින්නෙමු! එසේ කරමින් අප ජාතික අභිමානය ගැන පාරම් බාන්නෙමු!


මේ සියල්ලම සිදුවන අතර එදා වේල tour එකක් දාගෙන අප පරිසරවෙදීන්ද  අදාල බලධාරීන්ද දේශපාලකයන්ද ජීවත් වෙති! එම පිරිස ඉවක් බවක් නැතුව තීරණ ගන්නා විට උද්ඝෝෂණය කරන විට එයට ප්‍රීති ඝෝෂා දැමීමට ජනමාධ්‍යද පොදු ජනයාද අඩුවක් නැතුව ඇත.

11 comments:

  1. හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි ඇක්ට් එක හදනවා මුන් 2008 ඉඳන්.. තාම ඉවර කරගන්න බැරි උනා.. :(

    ලොකු වැරද්දක් තියෙනවා සිස්ටම් එකේ.. දැනුම තියෙන උනන්දුව තියෙන උන් නෙවෙයි ඒ ඒ තැන්වල ඉන්නේ.. කොහෙන් හරි මාරුවෙලා ආපු උන් ටිකක්.. උන් එක්ක කතා කරාම ලජ්ජා හිතෙනවා අපිටම..

    ReplyDelete
    Replies
    1. ඕවට ඉතින් බැනල වැඩක් නැහැ…. අපේ මිනිස්සුම නේ ඉන්නේ ඕවා හදන්ඩත් …. නැතුව වෙන රටකින් හරි ග්‍රහලෝකෙකින් හරි නෙවෙයි නේ අවේ…. මිනිස්සු දියුණු වෙනකන් සිස්ටම් දියුණු වෙන්නේ නැහැ… දේශපලකයෝන්ට බැනල වැඩක් නැහැ… ඉස්සෙල්ල මිනිස්සු දියුණු වෙන්ඩ ඕනේ… එකට අපිට දාන්ඩ පුළුවන් සත 5 දහය මේ විදියට දාමු …

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. re usabale energy ! හිරු එළිය මෙච්චර ඇති සමකාසන්න රටේ ඒක තමා එකම විසඳුම... තාම මේක රාජ්‍ය මට්ටමෙන් කරගන්න බැරි එක තමා දුක !

    ReplyDelete
    Replies
    1. බැටරි වල විදුලිය ගබඩා කිරීම (Battery storage ), වතුර පොම්ප කොට ගබඩා කිරීම (pumped storage ) වගේ ඒවා නැතුව හිරු එළියෙන් වැඩි වෙන විදුලි ඉල්ලුම දෙන්ඩ බැහැ .... ඔය තාක්ෂනය දැම්මොත් ඉතින් අපි වගේ රටකට දරාගන්ඩ බැහැ ආර්ථික වශයෙන්..... මම ඊයේ FB එකේ දාපු status එකක් දානවා මීට පල්ලෙහායින්


      "කොළඹ සිට යාපනය බලා යන්න පුළුවන් ක්‍රම විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඉතා ඉක්මනින් අඩු මුදලට යන්න අවශ්‍ය නම් යන්න ඕනේ කෝච්චියේ හෝ බස් රථයේ. කෝච්චියේ හෝ බසයේ ඒවාගේ දුරක් ගිහිල්ලා බැස්සම නගරයේ කරක් ගහන්න ඕනේ නම් හොදම දේ තමයි එක්කෝ ත්‍රිවිල් නැත්තම් බයිසිකලේ. ඒ වගේම ඇවිදින්නත් අවශ්‍ය වන වෙලාවල් තියෙනවා. ""
      හැබැයි අපිට දැන උගත් උපදේශකයෙක් ඇවිත් කියනවා දුම්රියේ/බස් එකේ යන්ඩ එපා යාපනේ ... පලයල්ලා බයිසිකලයක් පැදගෙන......
      ඉතින් මෙහෙම බයිසිකලේ පැදගෙන කොළඹ ඉඳන් යාපනේට යමු කියල කියද්දී අපි ඕකට තව වතුර පොහොර දානවා මෙන්න මේ වගේ
      බලන්න මිත්‍රවරුනි එහෙම බයිසිකලේ පැදගෙන කොළඹ ඉඳන් යාපනේට යද්දී අපේ ශරීරය හොඳට ව්‍යායාම වෙනවා.... අපේ කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය අඩු වෙනවා.... අනික් එක සහෝදරවරුනි අපිට මේකට කිසිම ඉන්ධන වියදමක් යන්නේ නැහැ ......බලන්ඩ අපි කොච්චර මුදලක් ඉතුරු කරනවද. අනික් එක පිටරටට ඉන්ධන වෙනුවෙන් ඇදිල යන විදේශ විනිමය කොච්චර ඉතුරු වෙනවද?.. අනික් එක පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ... කිසිම විෂ වායුවක් පිට වෙන්නේ නැහැ .... මේ වගේ ලස්සන ප්‍රවාහන ක්‍රමයක් තියෙද්දී ඇයි ඔබලා බස් කොච්චි පස්සේ දුවන්නේ?
      මේකේ පලවෙනි ඡේදේ " xxxx " ඇතුලේ ඇති කොටස උපුටා ගත්තේ Chamil එදිරිමුණි ලියපු කොමෙන්ටුවකින්..... දැන් අපහු ඔහුගේ කථාව .....
      " ඉතින් මේ සියලු දේවල් අපට අපේ වැඩේ කරගන්න අවශ්‍යයි.ඉහත කියපු උදාහරණය වගේ තමයි බලශක්ති ක්ෂේත්‍රය. කෝච්චිය - ගල් අගුරු බලාගාර (ඒක තමයි base load එක.වැඩි දුරක් අඩු වියදමින්, අඩු effort එකක් දාලා යන්න අවශ්‍ය ප්‍රවාහන ක්‍රමය). ත්‍රිවිල් රථ,බයිසිකල් - සුළං, සුර්යබලාගාර (මිල කෙසේ වෙතත් නගරයේ ගමනා ගමනයට හොදම ක්‍රමය එයයි. ඒ වගේම කොච්චි වලින්, බස් රථ වලින් යෑමට නොහැකි තැන් වල පාවිච්චියට ඉතා සුදුසුයි). හැබැයි අපිට මේ අය කියන්නේ කෝච්චිවල යන්න එපා, පස්සේ පට්ට යනකම් පැදගෙන බයිසිකලේම යාපනේ පලයල්ලා කියලා ඒ අයම බයිසිකලුත් අපිට විකුනණවා වැඩි ගානට. මේක තේරෙන්නේ නැද්ද? "
      බයිසිකලේ යාපනේ යමු කියල අපි දුම්රිය මාර්ගේ වහල දාල.... තාර පාරේ බස් යන එක නතර කරලා.. අපි කියනවා දැන් ඔක්කොම එවුන් යාපනේ යන්ඩ ඕනේ නම් බයිසිකලේ පලයල්ලා කියලා ..... කොහොමද මේකේ ප්‍රයෝගික බව?
      ඉතින් පුනර්ජනනී Vs ගල් අඟුරු කථා ටිකයි මේ කියපු කථාවයි පොඩ්ඩක් හිතල බලන්ඩකෝ ......

      Delete
  3. සෑහෙන වැදගත් ලියවිලි ගොඩක්. අදමයි ආවේ... දිගටම එන්නම්...

    ReplyDelete
  4. බ්ලොගර් ෆලෝවරය දාන්න

    ReplyDelete
    Replies
    1. "follow by email " කියන එකද? ඒක නම් දාල තියෙන්නේ

      Delete
    2. කෝකටත් කියල උඩට දැම්ම ... දැන් හරිද?

      Delete
  5. http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=7525

    ජාතික ප්‍රතිපත්තියක් නැහැ... හැබැයි හැමදාම "ප්‍රතිපත්තිමය තීරණ" ගන්නවා.... අනේ මන්ද චතුරයාට හිනා වෙන එවුන් මේකට හිනා වෙන්නේ නැත්තේ මොකෝ?
    රාජ්‍ය ආයතන විකුණලා ඩොලර් බිලියන 1.5 හොයන්ඩ යන වෙලාවේ බලශක්ති අර්බුදේ විසඳලා ඩොලර් බිලියන 0.9 අවුරුද්දෙන් ඉතුරු කරගන්ඩ පුළුවන් කියල හිතන්නේ නැද්ද? නැත්තන් පෙන්නේ නැද්ද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...