Thursday, December 22, 2016

පරිසර සංරක්ෂණයේ මිත්‍යාව - සුද්දාගේ දැනුම සහ අපේ නොදැනුම


පෙරේදා වැඩ ඇරිලා ගෙදර ගියපුවහම දුවගේ ඉස්කෝලේ Communication book එකේ තිබ්බා "dictation  note sent " කියල. මම අරන් බැලුව … අකුරු තුනේ වචන list එකක්ම එවල නිවාඩු කාලෙ පාඩම් කරන එන්ඩ…. මට මේ හිතාගන්ඩ බැරි අවුරුදු 4 ළමයට මොකටද මේ වචන? ටීචර්ට syllabus එක මාරු වෙලාවත්ද? නැත්තන් හැම ඉස්කෝලෙම ඔහොමද? පොඩ්ඩක් මාව දැනුවත් කරනවද කරුණා කරලා...


මට හොඳට මතකයි 4 වසරේ ඉන්නකොට (මට අවුරුදු 9) ඉංගිරිසි  ටීචර් 1 සිට 10 ට (one, two, three …. Ten විදියට) ඉංගිරිසියෙන් ලියන්ඩ පාඩම් කරන එන්ඩ කිව්වා… ඊට පස්සේ ලියන්ඩ දීල … එක වරද්දපු අයට ගහනවා….


ඔක්කොම වැරදුනු අයට (10ම ලියගන්ඩ බැරි අයට ) එක පෝලිමක්… එකක් හරි ගියපු අයට ගහන්ඩ වෙනම පෝලිමක් - මම හිටියේ මේ පෝලිමේ  මොකද මට  one කියල ලියන්ඩ මතක තිබ්බ  ….හැබැයි ඉතින් ටීචර් ගැහුවා කියල ඕවා පාඩම් හිටියේ නම් නැහැ… පස්සේ කලෙක අම්මා වෙනම ටියුෂන් පන්තියකට එක්කන් ගියා - එකේ ඉගැන්නුවා ඕව උච්චාරණය කරන logic එක… එකෙන් තමා වැඩේ ගොඩ දාගත්තේ…. ඉතින් මුලධර්ම (basics ) නැතුව ඉංග්‍රීසි විතරක් නෙවෙයි අනික් විෂයන් ඔක්කොම ඇන ගත්ත අය මගේ පන්තියේ විතරක් නෙවෙයි හැම පන්තියකම හිටියා ... ඉස්සරහටත් ඉන්නවා....


වේගෙන් අකුරු ලියන්ඩයි ගණන් හදන්ඩයි  පුළුවන් මිනිස්සු ඉන්න රටවල් දියුණු වෙනවා නම් ඉතින් සුද්දෝ ඔක්කොම දැන් එන්ඩ ඕනේ අපේ technology එක සල්ලි දීල අරන් යන්ඩ .... අපෙන් උපදෙස් (consultancy ) ගන්ඩ …..පෙන් loan එකක් දාගෙන යන්ඩ …

දැන් එමුකො මාතෘකාවට... මේ වෙනකන් කිව්වේ කතාවට අවශ්‍ය පසුබිම (background එක)....



මමත් ඉස්කෝලේ යද්දී විද්‍යාවටයි පරිසරයටයි පාඩම්  කරා ඕසෝන් වියන සිදුරු වෙන එක ගැන… මමත් විභාග ප්‍රශ්න වලට උත්තර ලියනවා ඕක සිදුරු වුනහම අහිතකර කිරණ ඇවිත් සමේ පිලිකා හැදෙනවා කියලා -ඇයි එහෙම නේ උගන්නව්වේ..….. අපේ ලංකාවේ පරිසරවෙදියොත් ඔය ඕසෝන් වියන ගැන හරිම දැනුවත්… මිනිස්සුන්ව බය කරනවා නිමක් නැතුව… ඕක සිදුරු වුනොත් මාර ප්‍රශ්නේ වෙන්නේ කියල… හැබැයි ඉතින් අන්තර්ජාලේ තියෙන දේවල් අරගෙන කෙලින්ම ඕව කියන මිනිස්සු දන්නේ නැති (දැනගෙන කියන්නේ නැද්ද මන්ද ) - කළු හමක් තියෙන අපි වගේ සිංහල මිනිස්සුන්ට සමේ පිලිකා හැදීමේ සම්භාවිතාව හරිම අඩුයි… සමේ පිලිකා  ඉතින් හැදෙන  තරමක් හැදෙන්නේ සුද්දොන්ට… සුද්දෝ මාර බයයි අව්වේ ගිහින් සමේ පිළිකා හැදෙයි කියල…. අපේ පොතේ ගුරා අධ්‍යාපනවේදියෝ  ඉතින් ඉවක් බවක් නැතුව පොඩි එකාගේ ඉඳන්ම පාඩම් කරවනවා ගිරවා දම්මනවා ඕසෝන් වියන නැති වීමේ භයානක කම ගැන. මම කියන්නේ නැහැ අපි එකතු වෙලා ඕසෝන් වියන විනාස කරමු කියල.. හැබැයි නිවැරදි දැක්මක් ලබාදෙන එකයි වටින්නේ නිකන්ම ඔය කරුණු කාරණා වනපොත් කරන එක ගැන.. අපේ මිනිස්සු දන්නේ නැහැ අපි වගේ කළු හමක් තියෙන අයට ස්වභාවධර්මයෙන්ම ආරක්ෂාවක් ලැබිල තියෙනවා කියල...


ඉතින් අපේ මිනිස්සු (පොඩි එවුනුත් ඇතුළුව) මනා දැනුමක් තියෙනවා ඕසෝන් වියන ගැන… අපේ පරිසරවේදියෝ බහුතරයක් (මේ කුලකෙට වැටෙන්නේ නැති අපේ රටට අනුකුලව පරිසර දැනුම බෙදාදෙන ඒ වගේම ඒ දැනුමෙන් වැඩක් කරන පරිසරවේදියෝ ඉන්නවා ඕනේ තරම්) මේ ගැන පත්තරේ පිටු ගණන් ලියනවා....... මේ පත්තර ඔක්කොම කියවපු අපේ ම්නිස්සු හැබැයි ඉතින් ගෙදර පොලිතීන් එකතු වුනහම ඒවා ටික එකතු කරලා ගේ පිටිපස්සේ පුච්චනවා … ගොඩක් වෙලාවට මේක කරන්නේ මුඛ වාඩමකුත් (dust mask )...පොඩි එකෙක් ආවොත් ඌටත් දානවා mask එක... ඇයි ඉතින් උගන්නල තියෙන්නේ ඔක්සිජන් ඇඟට උරාගන්නේ පෙනහල්ලෙන් කියල නේ…හිතාගෙන ඉන්නේ මේ මුඛ වාඩම (මේක ගොඩක් වෙලාවට active carbon  ෆිල්ටෙර් එකක් නෙවෙයි… නිකන්ම රෙදි කෑල්ලක් ) බේරාගනී කියල . මිනිස්සු දන්නේ නැති දේ තමා ඔය වගේ අඩු උෂ්නත්වෙක පොලිතීන් පුච්චපුවහම එකෙන් පිටවෙන ඩයෝක්සීන් ෆුරාන් (dioxins and furans) කියන වායු අපේ හම තුලින් හොඳින්ම ශරීරයට අවශෝෂණය වෙනවා … මොකද මේ වායු සත්ව මේදයේ දිය වෙනවා ඉතාමත් හොඳින්… ඉතින් දාඩිය දාල තියෙන වෙලාවට අපේ හම මේ වායු අවශෝෂණය කරගැනීමට ඉතාමත් හොඳ මාධ්‍යයක් ලබා දෙනවා…මේවා ඇඟ ඇතුලට ගියා කියන්නේ ඉතින් පිළිකාවක් ෂුවර්! අනේ ඉතින් හරිම නිර්භීතව අපේ මිනිස්සු පොලිතීන් පුච්චනවා කිසි බයක් නැතුව… හැබැයි ඕසෝන් වියන සිදුරු වෙයි කියල මාර බයෙන් ඉන්නේ…… දවස් ගණන් ටයර් පුච්චනවා කළු දුම දාගෙන....


මේ පින්තූරේත්  මම ගත්ත පින්තූරයක්... ඔව් ඔව් ලංකාවේදී!


පොලිතීන් ටික පුච්චලා ගේ ඇතුලට ගිහින් මදුරු කොයිල් එකක් පත්තු කර ගන්නවා… මෙතන ඉඳන් තියෙන්නේ කලින් ලියපු කතාව….. ගෙවල් ඇතුලේ වායු දූෂනෙන් ශ්‍රී ලාංකිකයෝ මැරෙන හැටි ...

අපේ මිනිස්සු ඕසෝන් එක ගැන මහා දැනුමක් තිබ්බට තමුනුයි තමන්ගේ දරු පවුලයි ඉන්න ගේ ඇතුලේ තියෙන වාතාශ්‍රය පිරිසිදුව තියාගන්නේ කොහොමද කියල දන්නේ නැහැ..ඒවගේ ඒවා ඉස්කෝලේ උගන්නනෙත් නැහැ - ලොකු මිනිස්සු දැනන් ඉන්ඩ එපැයි පොඩි එවුන්ට කියල දෙන්ඩ..... අපේ මිනිස්සු ඕව හොයල බලන්නෙත් නැහැ...අපේ මහා විශාරද පරිසරවේදියෝ (වැඩි හරියක්) ඕසෝන් වියනයි තව සුද්දට අදාලව තියෙන ප්‍රශ්න ගොඩක් ගැන සුද්දට වැඩිය internet එකෙන් හොයල කට පාඩම් කරගෙන ඉන්නේ - කෙස් පැලෙන තර්ක දානවා ඒවා එහෙමම ගිලල....... ඒවා ලංකාවට කොහොමද ගැලපෙන්නේ ??? අපෝ ඒවා හොයන්ඩ යන්ඩ එපා... තමන්ගේ තත්වේ බාල කරගන්ඩ.... AC කාමරේකට වෙලා ඉන්ටෙර්නෙට් එකෙන් download කරපු සුද්දා උන්ගේ රටේ උන්ට අදාළ ප්‍රශ්න වලට කරපු research paper ටික පාඩම් කරගෙන පත්තරේට TV එකට කියන එක කොච්චර ලේසිද? අනික් එක මිනිස්සුත් අහන්ඩ කැමති ඕව නේ!

මේ හැම එකටම වැඩිය භයානක දේ තමා මිනිස්සු දන්නේ නැහැ තමන් ඉන්න ගේ ඇතුලේ වාතය දූෂණය වෙලා තියෙන්නේ කියල.... ඉතින් තව එක එක විශ්වාසත් එක්ක දුම් අල්ලලා ගේ ඇතුලේ ජනෙල් දොරවල් ඔක්කොම වහ ගන්නවා... දුම් ටික එලියට යයි කියල.... අනේ ඉතින් අබ සරණයි විශේෂයෙන් ගෙදර ඉන්න පොඩි එවුන්ටයි ගර්භනී කාන්තාවන්ටයි...

මේ ඔක්කොම වෙන අස්සේ ගෙදර ඉන්න පොඩි එවුන් ගිරවා දානවා - "ඕසෝන් වියන කියල එකක් තියෙනවා... එක සිදුරු වෙන්නේ මෙන්න මේ වගේ වායු (කොලොරෝෆ්ලොරෝකාබන්) ගියොත්... ඊට පස්සෙ එකෙන් අහිතකර කිරණ ඇවිත් අපිට සමේ පිලිකා හැදෙනවා."... මේ ඔක්කොම පාඩම් කරන්නේ එක්කෝ එළියේ පොලිතීන් පුච්චපු තැනට එහා පැත්තේ සෙල්ලම් කර කර ඉඳල ඇවිත් ... ගේ ඇතුලේ හොඳටම අපිරිසිදු වෙච්ච වාතය ආශ්වාස කරමින්.....

ඉතින් මමත් ඉස්කෝලේ කරා වගේ ඉස්සරහටත් අපේ රටේ පොඩි එවුන් ඔය විදියටම ගිරවා දායි අපිට වැදගත් නැති එහෙත් සුද්දට ඉතාමත් වැදගත් කරුණු ගොඩක් - "ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි" කියන උදාන වාක්‍යයත් එක්කම.....ඔය උදාන වාක්‍යය අපේ සීයත් ඉස්කෝලේ ඉගෙන ගත්ත... මගේ දුවත් හෙට අනිද්දට ඉගෙන ගනියි.

අපි ඒ අතරේ සුද්දගේ විදියට Sustainability කරලා ....සුද්දගේ ඔලුවේ අමාරුවට අපි පැනඩෝල් බීල අපේ කකුලේ පිට බරවායට පිටි කර බෙහෙත් බැඳ - ඒ කරලා හොඳ වුනේ නැති වුනහම ඔය දේශපලකයෙක්ට වගේ බැනල හිත හදාගමු !

අපි ඉතින් ඕවා පෙනුනත් දැක්කේ නෑ වගේ ඉමු!




24 comments:

  1. හම්මේ... කලු හමක් තිබීම ගැන ජීවිතේ පළවෙනි වතාවට ආඩම්බර උනා.. හැක්

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් අපි ගැන ආඩම්බර ජාතියක්

      Delete
  2. නිර්භීත ප්‍රකාශයක්.

    එහෙනම් මාත් ගොං හරකෙක්. පහුගිය කාලෙ අපේ ගෙදර තිබුන පොලිතින් කවර ගෝනියක් විතර ලිපේ දාලා පත්තු කරලා වතුර මුට්ටි හතරක් පහක් උනු කරගෙන නෑවා. ඒ ගමං උදාන වාක්‍යයක් එහෙමත් කිව්වා මං.

    "සොපිං කවර ටික නිකංම ගිනි තියෙන්නේ නැතුව ඒ බලශක්තිය වැඩකට ගත්තා"

    ReplyDelete
    Replies
    1. යෝගට් කෝප්ප වැනි පොලියුරතේන් අඩංගු කෝප්ප කිසිම විටෙක නිවෙස්තුල පුළුස්සන්න එපා. එළිමහනේ වුනත් ඒවා පුළුස්සන්නේ නැතිව ඉන්න පුළුවන් නම් හොදයි. මොනයම් නොවැලක්විය හැකි හේතුවක් නිසා හෝ පුළුස්සනවා නම් මිනිසුන් නොසිටින දිශාවකට දුම පැතිරෙන සේ සුළං හමන වෙලාවක් තෝරාගන්න.

      මිත්‍රයා, වායුගෝලය කියන්නේ කුණුදමන පිට්ටනියක් නොවෙයි. අමතක කරන්න එපා කුණු පුළුස්සනවා කියන්නේ ඒ කුණු වායුමය අපද්‍රවය බවට පත්කරලා වායුගෝලයට මිශ්‍ර කරලා ඒ වාතයම පෙනහළු ඇතුලට දමාගැනීම කියල. මෑතකදී ජපානේ මහාචාර්යතුමෙක් ඔය වැඩේ සමකලා කෙනෙකු නාන බේසමක ගිලී සිටින ගමන් ඒ වතුරට තමන්ම විසින්ම මුත්‍රා කිරීමට.

      බල ශක්තියත් පරිසරයත් තමුන්ගේ පහසුවත් සමබරව සැලකීම තමයි වැඩිය හොඳ.

      Delete
    2. කෙන්කියුෂා කියන දේ හරියටම හරි .... අකාබනික දේවල් දහනයෙන් සිද්ධ වෙන්නේ ඔය හානිය තමා

      Delete
  3. ඕසෝන් වියන පරිසරයේ කොටහක් නිසා කියන අදහසෙන් ඒකට හානි වෙන වැඩ අවම කරන්න උත්සාහ ගත්තත් අපි වගේ කළු එව්වන්ට ඕකෙන් ලොකු හානියක් නැහැ කියල ඒ කාලෙම කොහෙන් හරි ඉගෙන ගත්තා...
    පොලිතින් විතරක් නෙමෙයි වියලි කොල රොඩු වගේ පසට පොහොරක් වෙන්න පුළුවන් දේවල්, මළ මිනි එහෙමත් පුච්චනවාටත් මමනම් විරුද්ධයි...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නාක් මෙන් dispose කිරීමට පමණක් දහනය කොට එම දහනයෙන් පිටවන ශක්තිය (තාපය) ප්‍රයෝජනයට නොගැනීම අපරාදයක්

      Delete
  4. කලින් ලබාදුන් සබැඳියට බොහොම ස්තුතියි. ඒ ගැන කලින් දැන සිටියේ නෑ.

    ඔබ කලින් කියූ පරිදි අපේ අදහසුත් සුළුවශයෙන් සම්බන්ධ කරගෙන ඉදිරිපත් කල මේ ලිපිය බොහොම අගෙයි.

    විදේශීය තාක්ෂණික දැනුම බයිබලය සේ පිලිගනන්නේ නැති, විවෘත්තව ලෝකය දෙස බලන, කිට්ටු අදහස් ඇති මිනිසුන් බ්ලොග් ලියවිලි තුලින් හමුවීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි දැක්මක් තිබෙන අය බ්ලොග් තුලින් හමු වීම සතුටක් වුවත්... ඔබ වැන්නන් බ්ලොග් ලෝකයෙන් නික්මී යාම කණගාටුවට කරුණක්....

      Delete
  5. කලාහිත ගේ ඔත්තුවකට ආවේ. හොඳ බ්ලොගයක්. සුභ පැතුම.
    ඕසෝන් වියන ගැන ඔබ, කලහිත හා ලොකුපුතා කියන මතය ගැන පරස්පර මතයක් මට තියෙන්නේ. මම ආසියාවේ නිසා ඉර එළියේ හිඳිම ගැන වැඩි ප්‍රශ්නයක් හිතුවේ නැහැ. මෙහෙ මිනිස්සු ඉර එලියට යන්නේ විටමින් D ගන්නත් එක්කනේ. නමුත් ඔය ස්කින් කන්සර් එන්නේ අල්ට්‍රා වයලොට් UV-B රේඩියෂන් එකෙන් නේ. එනිසා කළු හම කියල නැහැ වැඩි කාලයක් ඉන්නකොට හැදෙන්න පුළුවන්. මේ ගැන ලියපු පර්යේෂණ පත්‍රිකාවක් තියනවා මෙතන. Skin Cancer in Australia
    ඕස්ට්‍රේලියාවේ අබෝරිජින් වරුන්ට හැදෙන හමේ පිලිකා ගැන. ඔය තර්කයට අනුව ඔවුන්ට හැදෙන්න විධිහක් නැහැනේ. නමුත් හැදෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... ප්‍රතිචාර කිහිපයක් අත පසුවී තිබෙන බව දැක්කේ පසුව!

      Delete
  6. අපට වැඩිය හැදෙන්නේ නැහැ. ඒක ඇත්ත. නමුත් හැදෙන සම්භාවිතාවක් තියනවා.
    http://www.skincancer.org/skin-cancer-information/ask-the-experts/can-darker-skinned-people-get-skin-cancer
    Different ethnicities are at higher risk for particular skin malignancies: Latinos, Chinese, and Japanese Asians tend to develop basal cell carcinoma (BCC), the most common skin cancer. But the second most common, squamous cell carcinoma (SCC), is more frequent among African Americans and Asian Indians.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට…..

      ලංකාව හමේ පිලිකා වලින් ඉන්නේ ඉතාමත් අඩුම අඩු අවදානමක….
      http://www.worldlifeexpectancy.com/cause-of-death/skin-cancers/by-country/

      ඉහත දිගුව බැලුවොත් පෙනෙයි ලංකාව ඉන්න පහලම තැනක….

      ඔබේ ලිපිය මම කියවන්න Pocket එකේ සලකුණු කර ගත්තා …. කියවූ විට ඒ ගැන ප්‍රතිචාරයක් ලබා දෙන්නන්!

      Delete
  7. හොඳ ලිපියක්. සුද්ද පරිසරය සංරක්ෂණය කරන්නෙත් තමන්ගේ ආරක්ෂාවට සහ පැවැත්මට, අපි අනුකරණය කරන්න ගියොත්, හැමදාම අනුන්න්ගේ හරක් බලන්න තමා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... ප්‍රතිචාර කිහිපයක් අත පසුවී තිබෙන බව දැක්කේ පසුව!

      Delete
  8. වටිනා ලිපියක් සහ වටිනා තොරතුරු ටිකක්.. කල්‍යානමිත්‍රගේ අනබෙරය අහලයි ආවේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... ප්‍රතිචාර කිහිපයක් අත පසුවී තිබෙන බව දැක්කේ පසුව!

      Delete
  9. ඕකටම අදාළ තවත් කරුණක් තමයි බටහිර රටවල ජීවත්වන කළු හැම ඇති අයට ඇතිවන විටමින්-D ඌණතාවය. සුදු අය යන්තම් ටික වෙලාවක් අවුවේ හිටියත් අවශ්‍ය විටමින්-D ප්‍රමාණය හැදෙනවා. ඒත් කළුහම ඇති අය වැඩි වෙලාවක් අවුවේ නොහිටියොත් එය වෙන්නේ නැහැ. සමහර විට වැඩිය එළියට නොබැස කාමර ඇතුළෙම ඉන්න ලංකාවේ ජීවත්වන අයටත් මේ ප්‍රශ්නය තියෙනවද දන්නෙ නැහැ. මට වඩා වැඩිය මේ ගැන ඔබ දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට…..මම බ්ලොග් එකක් ලියන්ඩ කලින් ඔබගේ රසිකයෙක්…. මට මහත් ආඩම්බරයක් ඔබත් - ඉකොනොමට්ටා ඇවිත් මගේ බ්ලොග් එකේ එකේ කොමෙන්ටුවක් දැමීම ගැන….. පෝෂණය ගැන මගෙත් තියෙන්නේ ඉතාමත් අඩු දැනුමක්…. මම ඉන්නේ කටාර් වල නේ…. මෙහෙ ළමයින්ට විටමින් D දෙනවා කෘත්‍රීමව… නැත්තන් විටමින් D ඌනතාවයත් එක්ක කැල්සියම් ඌනතාවයකුත් එනවා…..

      Delete
  10. ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

    ReplyDelete
    Replies
    1. මාගේ කිසිම විරුද්ධත්වයක් නැති අතර සිංහල බ්ලොග් එකට ආධුනිකයෙක් වෙන මගේ බ්ලොග් එකත් මේ සම්මානෙකට සළකා බැලීම ගැන මගේ ස්තූතිය !

      Delete
  11. http://www.ada.lk/article/270802/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%91%E0%B6%B4%E0%B7%8F---%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F?utm_source=dlvr.it&utm_medium=facebook

    ReplyDelete
  12. ඉංජිනේරුවරයකු ලෙස ඔබගේ සිංහල ලිවීමේ හැකියාව මවිත කරන සුළුය. එසේම සාමාන්‍ය මිනිසුන් නොදකින දේ සරලව කියාදීමට හැකිවීම ඉතා අගනේය. සුබ පතමි ඔබගේ ඉදිරි වැඩකටයුතු සඳහා......

    ReplyDelete
  13. හොඳ දැනුවත් කිරීමක්. ozone සිදුර දැන් වැසී යමින් ඇති බව කියනවා නේ ද ?හඳුන් කූරු දුමද හරි සුවඳ නමුත් මදුරු කොයිල් තරම්ම අහිතකර බවත් ජනතාව තේරුම් ගන්න අවශ්‍ය බව කියන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...