Wednesday, April 26, 2017

ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( දෙවන කොටස)

මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට මා විසින්ම කැමැත්තෙන් පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙම ලිපියේ ඉතුරු කොටස බ්ලොග් අඩවියෙන් ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය කියවීමට පහත දිගුවෙන් පිවිසිය හැක.

ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.



ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් (දෙවන කොටස)

Wednesday, April 12, 2017

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සෑදීමට ඔබේත් මගේත් සත 5 දමමු

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සෑදීම සඳහා පුරවැසියන්ගේ යෝජනා කැඳවා ඇත. 



ඔබ කවුරුන් හෝ යෝජනා දීමට අදහස් කරන්නේ නම් මමත් ඔබ සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කැමැත්තෙමි. එය මෙම සිංහල බ්ලොග් අවකාශයේ කිරීම ඉතාමත් කාලෝචිත යැයි සිතමි.

එබැවින් ඔබගේ යෝජනා මෙහි කොමෙන්ටු වශයෙන් සඳහන් කොට සංවාදයක් ගොඩ නැගීමට බලාපොරොත්තු වෙමි. මෙහි අවසන් දිනය අප්‍රේල් 30 බැවින් 25 වනදා වන විට එය අවසන් කොට සාරාංශයක් යැවීමට කටයුතු කිරීම මාගේ බලාපොරොත්තුවයි.


තවද අගෝස්තු 18 වැනි දින මේ සම්බන්ධයෙන්  පැවැත්වෙන ඉංජිනේරු ආයතනයේ සාකච්චාවට ඒ වන විට එකතු වෙන අදහස්ද යැවීමට සිතාගෙන සිටිමි.






Thursday, April 6, 2017

නිවැරදිව CFL බල්බ් එකක් තෝරාගමු හරියට භාවිතා කරමු - Sustainability Begins @ Home



සමහරු මේ පිලිබඳ දැන සිටියත් නොදන්නා අයගේ දැනුමට මේක ලියන්නේ🙋. 

CFL  බල්බයක් මිලදී ගැනීමට කඩයකට ගිය විට සාමාන්‍යයෙන් එක් එක් නිෂ්පාදකයාගේ වෙනස් වෙනස් නිෂ්පාදන වෙනස් මිල ගණන්වලට  ඇති බව අප කවුරුත් දන්නා දෙයක්. ඉතින් මේවා තියෙන රාක්කෙ දිහා බලාගෙන කල්පනා කරන අය ඕනේ තරම්!

ඉතින්  CFL බල්බයක් තෝරාගැනීමට සැරසෙද්දී අපේ සිතට නැගෙන ප්‍රශ්නය වන්නේ ගෙවන මුදලට වටිනා (තිබෙන තෝරා ගැනීම් අතරින්) හොඳම තෝරා ගැනීම සිදු කරන්නේ කෙසේද යන්නයි.




මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙය ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය පහත දිගුවෙන් පිවිසි ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.

Sustainability සිංහලෙන් 2 – CFL





මේ ලිපිය කියවා ඔබත් වගකීමකින් CFL බල්බයක් භාවිතා කොට (අඩු විදුලියක් භාවිතා කොට පරිසරයට සහ රටට ඔබේ ඇති යුතුකම ඉටුකොට) නිවැරදිව එය භාවිතයෙන් ඉවත් කරනු (පරිසරයට විනාශයක් නොකර) ඇතැයි සිතනවා!


Wednesday, March 29, 2017

ශ්‍රී ලාංකීය විදියට පරිසර හිතකාමී වෙමු බෝඩ් එකෙන්

මාස 7කට කලින් ලියපු කථාව - මුහුණු පොතේ ලින්කුව

බ්ලොග් පොස්ට් එකක් නැහැ එකට මොකෝ ඒ කාලේ බ්ලොග් එකක් ලියන්ඩ හිතල තිබ්බෙත් නැහැ.... කලාහිත නම් දැම්ම මේක මගෙන් ඉල්ලගෙන එයාගේ බ්ලොග් එකේ - Coal War කියල ලිපියක්... .... හැබැයි ඉතින් මම ඉස් ඉස්සෙල්ලම මේ සිංහල බ්ලොග් ලෝකේ රහ බැලුවේ ඒ සාකච්චාවට සම්බන්ධ වෙලා... එකට මගේ හිතේ කලාහිතට ඇති ගෞරවේ නැති වෙන්නේ නැහැ....







ඒ කියපු "ස්වභාවික වායු බලාගාරය LNG " බෝඩ් එක තියෙන "ඩීසල් බලගාරේ" හදන්ඩ දාපු ටෙන්ඩර් පත්‍රිකාව  
මේකේ අවසන් දිනය දිගු කරලා තියෙන හින්ද තව සැහෙන තරඟකාරයෝ ටිකක් එයි මේක හදල පරිසරේ සංරක්ශනේ කරන්ඩ ...


මේ සැරේ නම් රු. 45.75 ටත් යුනිට් එකක් දෙන්නේ නැති වෙයි.... ප්‍රාග්ධන වියදම් වැඩි වෙලා රුපියල අව ප්‍රමාණ වෙලානේ  තියෙන්නේ - ආහ් එහෙමද?





මත්තල ගුවන්තොටුපල විකුණලා ඒ වගේ හතර ගුණයක් අවුරුද්දකට පාඩු කරගමු මේ අලුත් බලාගරේ දුවලා .... හරියට නිවැරදිව පෝෂණයක් ලැබෙන ආහාර වේලක් දිනපතා කෑමට නැති, ළමයාගේ මූලික අධ්‍යාපන අවශ්‍යතා සපුරගන්ඩ බැරි, දෛනික අවශ්‍යතා වලට මුදල් හොයන්ඩ මැද පෙරදිග ගෘහ සේවයට ගෙදර ඉන්න අම්මා , බිරිඳ නැත්තන් සහෝදරියව යවන, ගේ ඇතුලේ දුම් ගොඩක් ගහගෙන උයල මදුරු කොයිල් පත්තු කරන් ඉන්න, එළවලු වලට වැඩිය කෘෂි රසායන තියෙන එළවලු කන මිනිස්සුන්ට අපි සස්ටෙනබ්ලේ නමක් තියෙන විදුලිය බලාගරෙකින් විදුලිය හදල ඔවුන්ව පරිසර දූෂනෙන් මැරෙන එකෙන් බේරාගමු.... අර රට ගියපු  මිනිස්සු එවන විදේශ විනිමයෙන් ඩිසල් ගමු මේවා දුවන්ඩ .....ඒ අතරේ LNG ගැන ගුණ වයල පත්තරේ ලොකු ලිපියක් (සුද්ද කියපු ඒවගෙන් නැතුව අපි මොකුත් පර්යේෂණ කරලා නෙවෙයි) ලියල ටීවී එකේ පැය දෙකක වගේ ප්‍රභාශ්වර පුනර්ජනනීය ටෝක් එකකුයි දෙමු ..ඒවා අහල පරිසර සංරක්ෂනේ ගැනයි විජාතික බලවේග වලින් රට බේරගන්න නායකයෝන්ගේ කථා ටිකයි (ලක්ෂ 400 වාහන එපැයි ඕවා කරන්ඩ - එකොනොමට්ටගේ ලිපිය)  මෙගා ටෙලි ටිකයි බලල මිනිස්සු දරු පවුලත් එක්කම  සැනසිල්ලේ  නිදා ගනියි ගේ ඇතුලේ තියෙන දූෂිත වාතය ආශ්වාස කරමින් ... අපි වගේ පරිසර හිතකාමී ජාතියක් මේ තුන් ලෝකෙම නැතුව ඇති!




මේවට තමා කියන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා කියල....

පීලින්ග් සස්ටෙනබ්ල් විත් ශ්‍රී ලන්කන් එන්විරෝන්මෙන්ටලිස්ට්ස් ඇන්ඩ් සිරි ලංකාවාසීන් 

නදීර විජේසිංහ 

Monday, March 27, 2017

මගෙන් මේ දවස්වල අහන ප්‍රශ්න වල සාරාංශයක්



මම විනෝදෙට කරපු දේ (විනෝදාංශේට) ලැබෙන පාඨක සහ මිතුරුමිතුරියන්ගේ ප්‍රතිචාර වැඩි වී ඇත - නෙලුම් යාය බ්ලොග් සම්මානය ලැබීමෙන් පසු. එම නිසා ඒවා සාරාංශ කොට මෙසේ පල කරමි.

- ඕව ලියන්ඩ වෙලාව කොහෙන්ද?

- කන්තෝරුවේ වැඩ අඩුද?

- ඔය කරුණු/දත්ත ඔක්කොම හොයා ගත්තේ කොහෙන්ද? කියවන්න වෙලාව තිබ්බද?

- අහවල් මාතෘකාව ගැනත් එකක් ලියන්න බැරිද?

- බ්ලොග් එකෙනුයි ෆසේබූක් එකෙනුයි රට හදන්ඩ ද යන්නේ?

- ඔය බ්ලොග් ලියන එක ඔයාගේ තත්වෙට ගැලපෙන්නේ නැහැ නේද?

- අන්තිමේට ඕකෙන් මිනිස්සු තරහ වෙයි නේද?

- ආයේ ආණ්ඩුවේ නම් රස්සාවක් කරලා ඉවරයි 

- ඔයා පුනර්ජනනීය බලශක්තියට විරුද්ධද?

- සරලව ලියල තියෙනවා අපිටත් තේරෙන්න 

-ඕවා ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කොහොම කිව්වත් 

- අපි දැනන් හිටියේ නැහැ නේ ඕක ඔච්චර ගණන් කියල... ආණ්ඩුවේ වාර්තා හරි ඇති නේ? 

- ඔය ලියන එකට සල්ලි හම්බ වෙනවද (ඩොලර් කුට්ටි)?

- ඕව ලියන වෙලාවේ තමුන්ගේ දියුණුවට වැඩක් කරගත්ත නම් හොඳයි නේද?

- අපි නොදකින පැත්තක් කථා කරලා තියෙනවා

- මොකද බන් උඹට වුණේ? 

- උඹ මොකෝ එක පාරම මේ ලියන්ඩ ගත්තේ?

- සිංහලෙන් වැඩිපුර ලියපන්

- තව ඉංග්‍රීසි ඒවා ටිකක් ලිව්වා නම් හොඳයි නේද?

- යකෝ අපේ පරිසරේට තියෙන ආදරේ මුං බිසිනස් එකක් කරන් නේ... උඹ කියනකන් පෙනුනේ නැහැ නේ 

- උඹ ලියන ඒවා ශෙයා කරන ලයික් කරන ෆෝවඩ් කරන එවුන් ඕව කියවනවා කියලද හිතන් ඉන්නේ? 

- ඕකෙන් සල්ලි හොයන විදියක් හිතල බලපන් 

- ආපහු ලංකාවට අවොත් ලියන්නේ නැති වෙයි නේද?

- දිගටම ලියපන් කම්මැලි නොවී 

- ඔය කතා කරන දේවල් දේශපාලනිකයි නේද?

- ටිකක් පරෙස්සම් වෙලා ඉන්ඩ කෝකටත්

මේවගෙන් සමහර ඒවාට උත්තර මා ගාවත් නොමැති බව කරුණාවෙන් සලකන්න!

තවත් ප්‍රතිචාර ඇති නම් මා වෙත ලබාදීමට කාරුණික වන්න!

Wednesday, March 22, 2017

දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ

"ගොයම් නැටුමකට දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ "




අද උදේ මේ සින්දුව ඇහෙද්දී මට මතක් වුනේ අපේ බලශක්තිය ගැන හැමෝටම උපදෙස් දෙන පරිසරවේදියෝ ටික..... බලශක්ති ඔස්තාද් වගේ කෑ ගැහුවට ජෙනරේටර් එකක් දුවන හැටි දන්නේ නැහැ.... හැබැයි ටීවී එකේ පත්තරේ හොඳට රඟ දක්වනවා....
ඊට පස්සේ ටික 
"කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සැනහෙන දරුවෝ"
මේකෙන් මේ කියන්නේ හැමදාම පුනර්ජනනීය කතා ටිකක් ටීවී එකෙයි පත්තරෙයි දාල පස්සේ ඩිසල් විදුලි බලාගාර පස්සේ දුවල ඩිසල් වලින් විදුලිය හදන එක ගැන..... ටැප් එකෙන් වතුර බිව්වට... ලිඳට ආවඩල පෙන්නන්නේ කලගෙඩි නැටුම්....

"දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරලිය හිමි නැති අපේ ළමයි....
හේනට කුඹුරට ගත සවි දියකර කරළිය අබියස බලා සිටි"
මේ ඉතින් අර බලශක්තිය පිලිබඳ මනා දැනුමක් ඇති නමුත් ඔවුන්ගේ බසට රටේ නායකයෝ කන් දෙන්නේ නැති විෂය පිලිබඳ ප්‍රවීණයෝ.... මේ ගොල්ලෝ අර නැටුම බලාගෙන ඉන්නවා.....


"තිරය ඇරෙනවා තිරය වැහෙනවා...." - මේ ඉතින් අර ෂෝ එක කාලෙන් කාලෙට කරනවා... ඩිසල් වලින් විදුලිය හදන කාලෙට කට වහන් ඉන්නවා... ගල් අඟුරු සැලසුමක් අවොත් ආපහු පුනර්ජනනීය නැටුම පටන් ගන්නවා ......
"ඔල්වරසන් හඬ පැතිරෙනවා" - මේ අර ගල් අඟුරු සැලසුම කඩා ඉහිරවලා දෙන පොර ටෝක් ටිකයි එකට ඔල්වරසන් දෙන අපේ හුදී ජනයෝ ටිකයි....


ගීත විචාරයක් නම් මීට කලින් කරලා නැහැ... හැබැයි අද උදේ කෑම කනකන් මේ සින්දුව අහන් ඉන්දැද්දී හිතුනේ මෙහෙම තමා
"සඳලුතලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟ සුඟ නටවනවා...."

මානවිකාවන්ගේ ඉඟ සුඟ දිහා බලන් ඉමු අපි ඉතින්!

පීලින්ග් පරිසර හිතකාමී විත් සිරි ලන්කන් එන්වෛරෝන්මෙන්ටලිස්ට්ස් ..........
-නදීර

Thursday, March 16, 2017

ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( පළමු කොටස)




මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙය ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය පහත දිගුවෙන් පිවිසි ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.


ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සරලව (පළමු කොටස)




Related Posts Plugin for WordPress, Blogger...