Alpha කියන්නේ ග්‍රීක හෝඩියේ මුල් අකුර!
ඔය ගොඩක් සත්ව කොට්ඨාශ වල ඉන්නවා ඇල්ෆා මේල් (Alpha Male ) කියල හඳුන්වන පිරිමි සත්වයෙක්!
උදාහරණයක් විදියට චිම්පන්සියෝ කණ්ඩායමක් ගත්තහම ඉන්නවා එකේ Alpha Male - මෑන් තමා කණ්ඩායමේ නායකයා.
මෑන්ට යටින් තමා අනික් අය. රැහේ ඉන්න හොඳම (හොඳම කියල මේ මෑන් ට හිතෙන) ගැහැණු චිම්පන්සියෝ මිනිහගේ පරිභෝජනෙට. හොඳ පලතුරු ගස් වගේ හැම හොඳ දෙයක්ම උගේ සහ උගේ ගෑනු /ළමයි/සහචර සෙට් එකයි අරගෙන ඉතුරු වුනහම තමා අනික් අයට පාවිච්චි කරන්න පුළුවන්.
හැම තිස්සෙම වෙන්නේ මේ Alpha Male දුර්වල වුනහම ඇවිත් වෙන චිම්පන්සියෙක් මුගෙන් මේක උදුරාගෙන අලුත් එකා අලුත් alpha male වෙනවා!
මේක වෙනස් වෙන්නේ නැහැ මොකද චිම්පන්සියාගේ පරිකල්පනය alpha male ගෙන් තොර ලෝකයක් කරන්න බැරි හින්ද! රැහේ පැවැත්ම තියෙන්න alpha male කෙනෙක් ඉන්නම ඕනේ! නැත්තන් ඉන්න එවුන් වෙන alpha male කෙනෙක් හොයාගෙනම යනවා.
මිනිස්සුත් ඉස්සර කාලේ ඔහොමයි - රජෙක් වගේ alpha male කෙනෙක් වටේට තමා රැහේ එවුන් ටික එකතු වෙලා රාජ්‍යය දුවන්නේ. හැබැයි මිනිස්සුන්ගේ වෙනස්කම වුණේ - මිනිස්සුන්ට පුළුවන් කෙටි කාලෙකදී alpha male කියලා එකෙක් නැහැ - හෙට ඉඳන් ඔක්කොම මිනිස්සු එක හා සමානයි කියල අලුත් පරිකල්පන ලෝකයක් ගොඩ නගන්න.
උදාහරණයක් විදියට ප්‍රංශ විප්ලවය වුණහම එක රැයින් මිනිස්සු පිළිගත්තා අද ඉඳන් රජෙක් (alpha male ) කෙනෙක් නැහැ... හැමෝම එක සමානයි අද ඉඳන් කියල! මේක වෙන්න ප්‍රංශ කාරයොන්ගේ මොකක්වත් ජානවල පරිණාමනයක් වත් විකෘතියක් වත් වුනේ නැහැ. Cognitive revolution එකක් තමා වුනේ - ඔය ප්රජාතන්ත්රවාදය, සමූහාණ්ඩුව ඔක්කොම මිනිස්සු හිතෙන මවාගන්න ලෝකවල් (ඇත්තටම නැහැ) - විශේෂත්වේ තියෙන්නේ මිනිස්සු ලක්ෂ ගානක් එහෙම දෙයක් ඇත්තටම තියෙනවා කියල හිතාගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් කම (living in dual realities)! එකත් එක්ක තමා මේ system එකේ පැවැත්ම සහ සාර්ථකත්වය පවත්වන්නේ (පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එක පාරම මිනිස්සු බහුතරයක් හිතනවා මේ ප්රජාතන්ත්රවාදය හරියන්නේ නැහැ - රාජාණ්ඩුව තමා ඕනේ කියල - එතකොට සිද්ධවෙන දේ)!
ඉතින් කාලයත් එක්ක මේ cognitive revolution එකේ එක එක stage වලට ඇවිත් ඒ මිනිස්සුම trial & error කරලා තමා ඔය දැන් පවතින ව්‍යවස්ථා , ප්රජාතන්ත්රවාදය වගේ සංකල්ප දියුණු වුණේ! මේකේ හරිම ඉන්ටරස්ටින්ම කරුණ තමා මේ සංකල්ප දියුණු වුනු සියවස් 2 කට වැඩි කාලේදී මිනිස්සුන්ගේ මොලේ සැකැස්මේ (biological structure) එකේ කිසි වෙනස්කමක් වුණේ නැහැ! මිනිස්සු හිතෙන මවාගන්න යථාර්තේ තමා වෙනස් වුනේ - භෞතිකව මොකුත් වෙනස් වෙලා නැහැ!
හැබැයි චිම්පන්සියෝන්ට අවුරුදු තව ලක්ෂයක් ගියත් alpha male කෙනෙක් නැතුව චිම්පන්සි රෑනක් දුවන්න බැහැ - මොකද චිම්පන්සියෝ ගොඩකට ඔය වගේ සම්මුතියකට එන්න බැහැ! උන්ගේ ඔලුව වයර් වෙලා තියෙන්නෙම alpha චිම්පන්සියෙක් වටේ රැහේ පැවැත්ම දුවන්න!
දැන් ඉතින් ලංකාවට එමු - ලංකාවේ මිනිස්සු ඔය පරිනමනේ එක් එක් කොටස් වලට අනුක්රමිකව සංක්‍රමණය වෙලා නැහැ. සුද්දා ඇවිල්ල රජා නැති කරනකන් ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ එක රජෙක්ගෙන් තව රජෙක්ට (alpha male කෙනෙක්ගෙන් තවත් alpha male කෙනෙක්ට) බලය මාරු කරන්න මිසක් ඔය සිස්ටම් එක වෙනස් කරන්න නෙවෙයි. ඉතින් එක පාරම ඇවිත් සුද්දා මේ ව්‍යවස්ථාවක් දීල ගියාට අපිට ඕක පොඩ්ඩක් දිරව ගන්න තාම අමාරුයි! අපි තාම හිතෙන් හොයන්නේ රජෙක්. ගමේ මන්ත්‍රී වුණත් අපිට සමාන අපි වගේ බස් එකේ යන මිනිහෙක් පත් කරගන්න පොඩ්ඩක් හිත දෙන්නේ නැහැ. ගමේ alpha male (මන්ත්‍රී ) වුනත් ටිකක් තේජසට ඉන්න අපිට වැඩිය උඩින් ඉන්න "පොරක්" තමා පත්කරගන්න බලන්නේ!
ඉතින් ප්රජාතන්ත්රවාදය කියල කිව්වහම ලංකාවේ ප්‍රංශයේ එංගලන්තේ ඉන්දියාවේ හැමෝම මේකේ තේරුම දන්නවා. නමුත් ඩිමොක්රසි නැත්තන් ප්රජතන්ත්රවාදේ කිව්වහම ඔය රටවල් හතරේ මිනිස්සුන්ට දැනෙන දේ එක වගේ නෙවෙයි!
ඉතින් අර කොහේ හරි යුරෝපේ රටක අගමැති හරි ඇමති හරි හැමදාම වැඩට යන්නේ දුම්රියේ හිටගෙන අනික් මිනිස්සු වගේ කියල අපි හූල්ලව්වට අපිට බැහැ තාම එහෙම කෙනෙක් පාර්ලිමේන්තු යවන්න - මොකද අපේ හිතේ ඉන්න Alpha Male ගේ පින්තූරේ ඒක නොවෙන හින්ද!
ඔය ඉඳල ඉඳල සංකේතාත්මකව බස් එකේ ගිහින් පින්තූරයක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් හැමදාම එහෙම බස් එකේ අපිත් පොර කකා ගියොත් අවුලක් යනවා.
අපිට හැමදාමත් අපේ නායකයා අපිට වැඩිය ඉහල තැනක ඉන්න alpha male කෙනෙක් තමා හොයන්නේ! සම තත්වයේ ඉන්න නායකයෙක් වත් නායකයට ඉහලින් තියෙන ව්‍යවස්ථාවක් විශ්වාස කරන් ක්‍රියාත්මක වෙන එක අපිට ටිකක් අමාරුයි. බලය යොදල ක්‍රමය පවත්වනවා මිසක් ව්‍යවස්ථාව තමා මුදුනා කියල සාමුහික ක්රමයක දුවන්නේ නැහැ (උ. දා - පොලිසිය නැති වෙලාවට නීතිය ගරු කරන්නේ නැති රියදුරෝ වගේ අපේ නියෝජනයක් වන අපේ නායකයෝ එළි වෙන්නේ නැත්තන් ව්‍යවස්ථාවට ගරු කරන්නෙත් නැහැ )
Alpha male කතාවේ වස්තු බීජයට මූලාශ්‍රය - Sapiens : A Brief History of Humankind පොතෙන්