Tuesday, May 7, 2019

එන සුද්දෝ ටිකත් පන්න ගන්න ගුවන්තොටුපලේ අලුත් ක්‍රම

සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්න එක කෙසේ වෙතත් එන සංචාරකයෝ ටිකවත් සතුටින් තියාගන්න ඕනේ නම් මුලින්ම පටන් ගන්න ඕනේ ගුවන්තොටුපලින් කියල මට නම් හිතෙන්නේ. දැන් අලුත් ආරක්ෂක විදිවිධාන හින්ද ගුවන්තොටුපල ගාවට වෙනද වගේ ටැක්සි වලට වාහන වලට එන්න බැහැ. ගුවන් මගියා මගී පිටවීමේ පර්යන්තෙන් පිට වෙලා ටොර්ලියත් තල්ලු කරන් සැහෙන දුරක් එළියේ යන්න ඕනේ වාහන ඒමට අවසර ඇති ප්‍රදේශයට. එකේ කිසි අවුලක් නැහැ - හැමෝම මේ වෙලාවේදී අපහසුතාවයක් විසඳගෙන පරිත්‍යාගයක් කරන්න ඕනේ විවාදයකින් තොරව.

මෙතෙන්දි පලවෙනි අවුල තමා අලුතෙන් දීල තියෙන ගුවන්තොටුපලෙන් පිටවීමේ ගේට්ටුවට අඩි ගානක් පිටුපසින් ට්‍රොලිය තියල, තමන්ගේ ගමන් මලු අතට අරගෙන යෑමට සිදුවීම. ලෝකේ ඕනෙම ගුවන්තොටුපලක තියෙන මූලික පහසුකමක් තමා ඔය ට්‍රොලිය තමන්ගේ ගමන්මලු තියාගෙන ගිහින් කෙලින්ම උසසල තමන් යන වාහනේට හරි ටැක්සියට හරි දාගන්න පුළුවන් වීම. 



අලුත් ක්‍රමයේ විදියට ගමන් මලු ටික ඇදගෙන යන්න ඕනේ තාර පාර දිගේ ට්‍රොලිය මගින් තියල - එතනින් එහාට ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් පොඩි දරුවෙක් එක්ක බෑග් ගොඩක් උස්සන් එන කෙනෙක්ට සිදුවෙන අපහසුතාවය ආයේ විස්තර කරන්න ඕනේ නැහැ. එතන තියෙන කලබලෙත් එක්ක කාට වුනත් බයයි බෑග් ටිකක් ටොර්ලියේ තියෙද්දී බෑග් එකක් වාහනේට දාල ආපහු දාල එන්න. ආපහු එන ටිකට තමන්ගේ බෑග් එකක් උස්සල තියෙයි කියන බයට වැඩිය තියෙන්නේ, තමන්ගේ බෑග් එකට ඔය ටිකට මොනවා හරි බෝම්බයක්වත් දාල තියෙයි ද කියල. මට වුනත් ඒ බය නම් ආවා. ලංකාවට ඉස්සෙල්ලම එන සුද්දෙක් ගැන කවර කතාද ?

දෙවෙනි අවුල තියෙන්නේ ඔය කියන ගේට්ටුවෙන් පිට වුණහම. එතන තියෙන ආලෝක තත්වය - ඒක හොඳටම හොඳටම මදි. illumination එහෙමත් නැත්නම් ආලෝකකරණය කියන්නේ මනසත් එක්ක යන කාරණාවක්. බොහෝ විට අපිට ආලෝකය අවශ්‍ය වෙන්නේ වටේ තියෙන දේවල් දැකගන්න විතරක් නෙවෙයි. හොඳ ආලෝකකරණයක් තියෙන තැනක අපිට හොඳ සුරක්ෂිත බවක් දැනෙනවා - lighting වල තියෙන psychological factor එක හරිම වැදගත්.


 මේ කියන ගේට්ටුවෙන් පිට වෙද්දී අපි ගුවන්තොටුපල පරිශ්‍රයෙන් පිට වෙනවා . එතනින් පිටවෙන්නේ මේ හරි හැටි ආලෝකමත් කරලා නැති වටපිටාවට. 




මේ අඳුරු වටපිටාවේ වටේ ඉන්න ටැක්සි කාක්කෝ ටිකත් (ඒ මිනිස්සුත් පවු තමා - කලින් තරම් පාරිභෝගිකයෝ නැතුව ඒ මිනිස්සුත් ආතතියෙන් ඉන්නේ, දරු පවුල් ජීවත් කරගන්න එපැයි) සුද්දව වට කරගත්තහම එන හැගීමත් එක්ක මේ වෙලාවේ ලංකාවට එන සුද්දෝ කීප දෙනාටත් "අපෝ මම මේ මොකද්ද කරගත්ත මෝඩකම? මගේ නිවාඩුව!" කියල හිතුනේ නැත්නම් පුදුමයක් නෙවෙයි. මොකද ගුවන් මගියා ඊට විනාඩි ගානකට කලින් හොඳට ආලෝකමත් කරලා තියෙන ගුවන්යානා පරිශ්‍රයේ ඉඳන් එන්නේ මේ ප්‍රදේශයට. මේ ආලෝක වෙනස් වීමත් මෙතන ඇති අපිලිවෙලත් (මෙතන වාහන හැසිරවීමත් පිළිවෙලකට නෙවෙයි වෙන්නේ නානා ප්‍රකාර මිනිස්සු ගොඩක් ගැවසෙනවා ආරක්ෂක අංශ නිලධාරීන් අතරේ) එක්ක මුලින්ම රටට ඇතුලුවෙද්දී එන ෆීලින් එක විදේශිකයෙක් ට නම් ටිකක් දරාගන්න අමාරුයි. ගොඩක් වෙලාවට මේ මනුස්සයා එන්නේ Lonely Planet එකේ වීඩියෝ එකක් බලල අපේ රටේ ලස්සන තැන් ගැන. 



එක පාරම රටට ගොඩ බහිද්දී දකින මේ දේවල් වලින් ඇතිවන අනවශ්‍ය ෂෝක් එක මිනිහ මේ නිවාඩුව ගතකරන මූඩ් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් විදියේ එකක්.

මේ පොඩි දේවල් ටික වෙනස් කරන්න ගොඩක් සල්ලි වත් මහා දැනුමක්වත් ඕනේ නැහැ. හැබැයි මේකෙන් ලොකු impact එකක් නම් වෙනවා!

නිසි බලධාරීන්ගේ අවධානය මේ සඳහා ලැබේවා!

3 comments:

  1. නදීර
    මම මේක අත්දැක්කා පහුගිය 24 වෙනිදා රෑ. රෑ 10.30 ට ආව ෆ්ලයිට් එක ලෑන්ඩ් කරල එලියට ආවා 11.00 ට විතර.ට්‍රොලිය ගේන්න පුළුවන් මිනුවන්ගොඩ පාරේ ගේට්ටුව ළඟට විතරයි. එතනින් එළියට බෑග් ඇදගෙන එන්න ඕන. ඔබ කියලා තියෙන දෙය හරියටම හරි. මිනුවන්ගොඩ පාරට ආවම එතන කිසිම පිළිවෙලක් නෑ. කිසිම ආරක්ෂාවක් තියෙන බවක් දැනෙන්නේ නෑ. මට නම් හිතෙන්නේ මීට වඩා වෙන ්‍්‍්‍්‍්‍රමයක් යෙදුවා නම් හොඳයි කියලා. ටිකක් දුරින් වාහන නවත්තන්න හදලා එතන ඉඳන් අර එයාර් පෝට් එකේ තියෙන low flooor bus Dala shuttle bus සර්විස් එකක් දැම්මා නම් මීට වඩා පිළිවෙල යි.

    ReplyDelete
  2. කාක්කෙක් කියන්නේ පවු කියන්න ඕන කෙනෙක් නොවේ. අපි උන්ට අහු උනොත් අපි තමයි පවු.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...