Tuesday, January 23, 2018

විදුලි අර්බුදය ගැන කථා කලයුත්තේ ඉංජිනේරුවෝ පමණක්ද ?

පරිසරවේදියාගේ ප්‍රශ්නය - 

දැන් ඔයා කියන්නේ ඔය විදුලි බල ක්ෂේත්‍රය ගැන කථා කරන්න වගේම අවබෝධ කරගන්න විදුලි ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙද? අපිට බැරිද ඕවා ගැන කථා කරන්න?


උත්තරේ - 

අපෝ පුළුවන්! ඒ වගේම මම ධෛර්යමත් කරනවා හැමෝම ඇවිත් මේ ක්ෂේත්‍රය ගැන දැනුවත් වෙන්න කියල....

මම කොහේදීවත් කියල නැහැ මේ විදුලි ක්ෂේත්‍රය තේරෙන්නේ විදුලි ඉංජිනේරුවන්ට විතරයි කියල.... මගෙත් උත්සාහය මේ විෂය සරල කරලා කියල සාමාන්‍ය මිනිස්සු අතරටත් ගෙනියන එක.... මොකද එහෙම වුනොත් තමා අපිට පුළුවන් වෙන්නේ මේ පිළිබඳව හරි විදියට රටේ මිනිස්සුන්ව දැනුවත් කරලා හරි මාර්ගයේ යන්න... මේ විෂය හරි සංකීර්ණයි/ඒක තේරෙන්නේ ක්ෂේත්‍රයේ ඉන්න අයට විතරයි කියන මතේ මම නැහැ ..... මම බලශක්ති අර්බුදේ ගැන වගේම Sustainability වගේ ඉංග්‍රීසියෙන්ම ඉගෙන ගන්න ඕනේ විෂයන් ගැන සිංහලෙන් ලියන්නේ අන්න ඒ හින්දයි ..... එකට සම(හරක්) ට තරහ ගිහින් බ්ලොග්කාරය කියමින් මම දෙන පණිවිඩේ රාමුවකට කොටු කරන්න හැදුවට මම සැලෙන්නේ නැහැ... සමහරු හිතන් ඉන්නේ මේ විෂයන් සීමිත පිරිසක් අතරේ තියෙන්න ඕනේ කියල ....

උදා (මගේ ලිපි )- 
https://roar.media/.../sustainability-in-sinhala-part-one/
https://roar.media/.../featured/the-sri-lankan-power-crisis/
https://roar.media/sinhala/features/natural-gases/


මූලාශ්‍රය  - ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන් පිලිබඳ මහා දැනුමැති විදුලි බලාගාර කළමනාකරුවා ඔබෙන් සඟවන සත්‍යය


මම මේ කියන දේවල් තේරුම් ගන්න විදුලි ඉංජිනේරු උපාධියක් අවශ්‍ය නැහැ .... A/L වලට භෞතික විද්‍යාව ( physics) කරලා නැති කෙනෙක් වුනත් O/L විද්‍යාව විෂය තාර්කිකව ඉගෙන ගෙන තියෙනවා නම් මේ කියන දේවල් තේරුම් ගන්න අමාරු නැහැ! ඒකවත් ඉතින් තේරෙන්නේ නැත්තන් ඔය පැල හිටවනවා, ගෙදර සොලර් උණුවතුර එකක් හයි කරගන්නවා වගේ පාරිසරික ක්‍රියාකාරකම් කර කර හිටියට අපේ විරුද්ධත්වයක් නැහැ ....

මේ ඉතින් වාද කරද්දී එකක් මතක තියාගන්න ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියන දේවල් ඒ මනුස්සයා ඒ පිලිබඳ expert කෙනෙක් හින්ද - ඒක හේතුවක් කරන් ඒ කියන දේ  බැහැර කරන්න ඕනේ කියල වගේ ගොන් තර්ක නම් දාන්න එපා කරුණා කරලා! 

හරි මූලාශ්‍රයක් දත්තයක් විද්‍යාත්මක කරුණක්  පදනම් කරගෙන තාර්කිකව ගොඩනගන මතයක් විවෘත මනසින් පිළිගන්න - අන්න එහෙමයි දියුණු වෙච්ච රටවල් වල මිනිස්සු!

මම තර්ක කිරීම ගැන ඉතාමත් හොඳ ලිපියක් දැක්ක නිශාන්ත කමලදසයන්ගේ - අපේ සිහින තර්ක විතර්ක – නිශාන්ත කමලදාස


ප.ලි - මේ දවස්වල යන වාදෙකට type කරන ඒවා දානවා මේ වගේ බ්ලොග් පොස්ට් විදියට ... කාටත් දැනගැනීමට! මේවා වාදෙට සම්බන්ධ අය කියෙව්වේ නැතත් බ්ලොග් අවකාශේ අය කියවයි කියන එක මම හොඳින්ම දන්නවා!

4 comments:

  1. පරිසරවේදියා තර්ක කරන්න ඕනි පාරිසරික බලපෑම ගැන.. වැඩේ කියන්නේ මේ පරිසරවේදියෝ තර්ක කරන්නේ විදුලි ඉංජිනේරුවෝන්ගේ දැනුම ගැන.. විධුලි ඉංජිනේරු විෂය ගැන.. හෙහ්..

    ඔය තියරියම දලා අපේ සේෆ්ටි මහත්තුරුත් වරද්දා ගන්නවා මම දැකලා තියෙනවා.. :))))

    ReplyDelete
    Replies
    1. ඔය වගේ තර්ක කරන අයගේ තව තර්කයක් තියෙනවා - ඔය විෂයට අදාළ ඇමතිතුමා ප්‍රවීනයෙක්ද කියල අහනවා... එහෙම නැත්තන් ඒ ගොල්ලන්ගේ දැනුම ගැන ප්‍රශ්න කරන්නත් අයිතියක් නැහැල්ලු - නල්ල මලේ තර්ක

      Delete
  2. විදුලි අර්බුදයක් එන බව මේවගේ දාල හරියන්නනේ නෑ. පත්තරේ දාන්න ඕන එතකොය තමයි සිරිසේන ජනාධිපති තුමා දැනගන්නේ එහෙම එකක් එනවා කියල.

    ReplyDelete
    Replies
    1. පත්තරේ දාන්නේ ගොඩක් වෙලාවට තෝරාගත් අයගේ ලිපි නේ ඇනෝ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...