Thursday, July 20, 2017

ගම්මුන්ගෙන් අසා නිගමනයකට එන විද්‍යාත්මක ක්‍රමය - ශ්‍රී ලංකික පරිසරවෙදීන්ගෙන් අසා දැනගමු

EFL නමැති පරිසර සංවිධානය එක්තරා පානීය ජල බෝතල් සමාගමක් නිසා එම ප්‍රදේශයේ භූගත ජලය සිඳී ඇති බවට ඇති ප්‍රවෘති නිවේදනයක් දුටු මම ඔවුන්ගෙන් ඊමේල් මගින් අසා සිටියේ එම නිගමනයට පැමිණියේ කෙසේද කියාය!


ඔවුන්ගේ පිළිතුර වුයේ ගම්මුන්ගෙන් පැමිණිලි අනුව ඔටාරා පදනමෙන් මෙම තොරතුර ලැබුණු බවය. මම නැවතත් අසා සිටියේ ඉහත නිගමනයට පැමිණි විද්‍යාත්මක ක්‍රම වේදය පවසන ලෙසය. එය ඔටාරා පදනමෙන් අසගන්නා ලෙසත් EFL සංවිධානය එම ප්‍රදේශයට කිසි දිනෙක ගියේ නැති බවත් මට දන්වා එවිනි. ඔවුන් විසින් ලබා දුන් ඔටාරා පදනමේ විද්‍යුත් ලිපිනයෙන් එම ක්‍රමවේදය අසා යැවුවද පිළිතුරක් නොමැත (සති 3 තිස්සේ). ඇතැම් විට ඔවුනුත් ගම්මුන්ගෙන් අසා විද්‍යාත්මක නිගමනයකට යන ක්‍රමවේදයක් අනුගමනය කර ඇතැයි මම අනුමානය කරමි. එය එසේ නොවන බව දන්නා කවුරුන් හෝ සිටී නම් කරුණාකර මාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.


මෙතෙක් ලැබූ තොරතුරු වල සාරාංශය මෙසේය - ඔටාරා පදනම නමැති සංවිධානය පරිසර බලපෑම් ගැන පරිසර සංවිධාන වලට ගුරුහරුකම් දෙයි. ඔටාරා පදනමට උපදෙස් දෙන්නේ ගම්මුන්ය (එම ගම්මුන් මේ පිළිබඳව අනුගමනය කරන ක්‍රමවේදය මා දන්නේ නැත - ඇහුවට මොවුන් කියන්නේද නැත). මේ අතර පරිසරවේදියෝ ලංකාවේ බලශක්ති අර්බුදය විසඳීමට රජයට අවවාද අනුශාසනා කරති. 


එහෙම වෙන්නේ ඇයි ... අයි ඩෝන්ට් නො වයි තමා !

7 comments:

  1. ගොඩක් තැන්වල වෙන්නේ ඔහොම තමා...
    ඔටාරල වගේ උන් දවස ගෙවා ගන්නත් එපායැ...

    ReplyDelete
  2. මේ සියල්ලට වග කිව යුතු වන්නේ පසුගිය අන්ත දූෂිත රාජපක්ෂ මහ බයියාගේ පාලනයේ පැවති වනචර දශකය තුල රාජපක්ෂලා විසින් හොරකම් කල දූෂිත කලු සල්ලි යොදවා මෙම සංවිධාන සහ ඒවා පවත්වාගෙන යන කුණුම කුණු ගොන් බයියන් තුල ඇතිකළ මර්දන්කාරී මානසිකත්වයයි. මේ නිසා වත්මන් රජයට කිසිදු ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට මෙම රාජපක්ෂ කල්ලියේ වහලුන් ඉඩ නොදේ. මීට පිළියමක් ලෙස අප කළ යුත්තේ දූෂිත රාජපක්ෂ හොර පවුලත් ඒ සමග බූරුවංස, මංගොංපිල, වට්ටක්ක වාසු _කා ඇතුළු උන්ගේ නලාකාර රිලා සට්ටැඹියනුත් කිසිසේත්ම නැවත බලයට ඒමට ඉඩ නොදී 2020 තනිකර එජාප රජයක් බලයට පත්කොට ගෙන ඉන් පසු දිගටම එජාප රජයක් 2050 පමණවත් වෙනන් තෙක් බලයේ තබා ගැනීමය. විසඳුම එය පමණි. රනිල් ඇතුළු පිරිස ක්‍රම ක්‍රමයෙන් මේ ප්‍රශ්න විසඳා රට සංවර්ධනය කරනු නිසැකය.

    ReplyDelete
  3. Yes, Yes, Yes Runil MR is Sri Lanka's problem and Ranil is the answer to all our problems. Why can't most Sri Lankans see this and Ranil keep losing elections and keep handing over the top job to someone else? Who is his choice in 2020? Anura Kumara or Ranawaka? LOL

    ReplyDelete
  4. නදීර විජේසිංහ කියන්නේ මානසික ව්‍යාධියකින් පෙලෙනා අයෙක් කියලා ඒ අය තේරුම් ගන්නට ඇති.

    ReplyDelete
  5. ලංකාවේ ගොඩක් අයට තියන ලෙඩේ තමයි ඇත්ත ඇති සැටියෙන් පෙනෙන්නේ නැති එක. එහෙම ලෙඩ්ඩු ගොඩක් මැද ඉන්න තවත් එක් ලෙඩෙක් ට ඉතින් තමුන්ට සාපේක්ෂව බලපුවම හරියට පෙනෙන එකා වැරදි !!! අපේ සමාජය කක්කොටු සමාජයක් !!! ඔයාගේ කොමෙන්ට් එකත් කක්කොටු කොමෙන්ට් එකක් !!!

    ReplyDelete
  6. එකෙක්ගෙන් දෙන්නෙක්ගෙන් ඔහොම බැනුම් අහනවා කියන්නේ උබ යන්නේ හරිම පාරේ . . . . ඔන්න ඔහොම යමන්

    ReplyDelete
  7. ඔය විදිහටම තමයි EFL එක නිගමනය කෙරුවේ ගොඩබෑම අතරතුර ගල් අඟුරු වලින් 10%ක් මුහුදට හැලෙනවා කියල. EFL එකට එතන සාක්කි දුන්නේ මාළු කාරයෙක්. 10% කියල හරියටම කියල තිබ්බලු. අඩුත් නැහැ වැඩිත් නැහැලු.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...