Wednesday, March 1, 2017

අපි ඇත්තටම Unique ද? අසමසම ද?





මට ඔබේ හිත කියවිය හැකියැයි මොහොතකට සිතන්න! 

එසේ නම් මා ඔබ ගැන මෙසේ පවසන්නම්!

ඔබ ඉතා මහන්සි වී වැඩ කරයි. නමුත් බොහෝ වෙලාවට අනෙක් අය  ඔබව අගය නොකරයි මන්ද ඔබ ඔවුන්ගේ අභිමතාර්ථයන් මුදුන් පත් නොකරන බැවින්. එසේ නමුත් ඔබ ඔබට ඉතාමත් වැදගත් දේවල් වෙනුවෙන් ඉතා මහන්සියක් සහ වෙහෙසක් දරයි. 

නැත - ඔබ සෑම විටම සම්ප්‍රදායික ක්‍රමවලින් සම්ප්‍රදායික රාමු තුල  සාර්ථක වන්නේ නැත - එයින් ඔබට කමක් නැත. මන්ද ඔබ අනෙකා සිතන දෙය ගැන වැඩි අවධානයක් යොමු නොකරන බැවින්.

පවතින ක්‍රමයන්, නිතී රීති හා සම්ප්‍රදායන් බොහොමයක් පවතින්නේ හේතුවක් ඇතිව බව ඔබ විශ්වාස කරයි. එම නිසා ඔබ ඒවා කඩන්නට හෝ ඒවාට අභියෝග කරන්නට පෙළඹෙන්නේ නැත. නමුත් ඔබ අභ්‍යන්තරයෙන් විශ්වාස කරන්නේ ඔබගේ ඇතුලාන්තය  (inner  voice ) ඔබට කියන/ හඟවන දෙය ඔබට  නිවැරදිව මගපෙන්වන බවයි. නමුත් අන් අයට ඔබ ඇතුලේ ඇති මෙම අතිමහත් ශක්තිය පෙනෙන්නේ නැත. එම නිසා අනෙක්  අය ඔබව අවතක්සේරු කරයි. නමුත් සමහර විටෙක ඔබ තුල ඇති හැකියාවන් ඔවුන්ව පමණක් නොව ඔබවද මවිත කරවයි.

ඔබ අලුත් දේවල් ඉගෙන ගැනීමට අසා කරයි - නමුත් ඔබ සැබවින්ම විස්වාස කරනුයේ අධ්‍යාපනය සෑම විටම කිසියම් රාමුවකට කොටු වී නොතිබිය යුතු බවත් අප ඉගෙන ගන්නා දෙයක්ම කිසියම් අරමුණකින් ඉගෙන ගත්ත යුතු නැති බවත් ය. 

ඔබ සෑම විටම නැති බැරි ඔබ තරම් වාසනාවන්ත නොවූ අයට උදවු කිරීමට කැමැත්තකින් පෙලේ. ඔබට සෑම විටම එසේ එවන් අයට උදවු කිරීමට නොහැකි වුවත් ඔබ සිත ඔවුන් කෙරෙහි දයානුකම්පාවෙන් පෙලේ. 

ජීවිතය ඔබට ඉතාමත් කටුක අවස්ථාවන් වලට මුහුණ පෑමට සැලස්වුවත් ඔබ සෑම විටකම එම වැටුණු වලවල් වලින් ඉවතටවිත් ජීවිතයේ ඉදිරියට ගමන් කරයි. 

ඔබ සෑම විටකම විශ්වාස කරනුයේ ඔබ නියත ආත්මශක්තියෙන් නොසැලී ඔබගේ අරමුණු වෙත අවධානය යොමු කරන්නේ නම් ඔබගේ අභිමතාර්ථයන් සියල්ල සඵල වන බවයි.  

ඉතා නුදුරු අනාගතයේදී එළඹෙන ඉතාම විශේෂ අවස්ථාවක් නිසා ඔබගේ පෞද්ගලික /වෘත්තීය ජීවිතයේ හොඳ කලක් උදා වනු ඇත. ඔබ ඉතා සැලකිල්ලෙන් එම අවස්ථාව එළඹෙන තෙක් අවධානයෙන් බලා සිටිය යුතුය!


"The Art of Choosing" නැමති පොතේ කොටසක සිංහල අනුවාදයකි. මෙම පොත ලියා  ඇත්තේ ශීනා ඉයෙන්ගර් නමැති අන්ධ ලේඛිකාවයි. 







4 comments:

  1. මේ බ්ලොග් රචකයා ගැනම ලියුව එකක් වගේ.. :)))

    //ඉතා නුදුරු අනාගතයේදී එළඹෙන ඉතාම විශේෂ අවස්ථාවක් නිසා ඔබගේ පෞද්ගලික /වෘත්තීය ජීවිතයේ හොඳ කලක් උදා වනු ඇත// ඔන්න එහෙනම් කලින්ම කන්ග්‍ග්‍රජුලේෂන්ස් ආ!!! :)

    ReplyDelete
    Replies
    1. කලා හිත ගැන හරියටම ලේඛිකාවක් ලිව්වා කියල පොඩ්ඩක් කලබල වෙලා වගේ

      Delete
  2. ඔව්. බොහෝ දෙනෙක් තමන් ගැන මෙහෙම වෙන්න ඇති හිතන්නේ. මමත් එහෙමයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...