Monday, March 27, 2017

මගෙන් මේ දවස්වල අහන ප්‍රශ්න වල සාරාංශයක්



මම විනෝදෙට කරපු දේ (විනෝදාංශේට) ලැබෙන පාඨක සහ මිතුරුමිතුරියන්ගේ ප්‍රතිචාර වැඩි වී ඇත - නෙලුම් යාය බ්ලොග් සම්මානය ලැබීමෙන් පසු. එම නිසා ඒවා සාරාංශ කොට මෙසේ පල කරමි.

- ඕව ලියන්ඩ වෙලාව කොහෙන්ද?

- කන්තෝරුවේ වැඩ අඩුද?

- ඔය කරුණු/දත්ත ඔක්කොම හොයා ගත්තේ කොහෙන්ද? කියවන්න වෙලාව තිබ්බද?

- අහවල් මාතෘකාව ගැනත් එකක් ලියන්න බැරිද?

- බ්ලොග් එකෙනුයි ෆසේබූක් එකෙනුයි රට හදන්ඩ ද යන්නේ?

- ඔය බ්ලොග් ලියන එක ඔයාගේ තත්වෙට ගැලපෙන්නේ නැහැ නේද?

- අන්තිමේට ඕකෙන් මිනිස්සු තරහ වෙයි නේද?

- ආයේ ආණ්ඩුවේ නම් රස්සාවක් කරලා ඉවරයි 

- ඔයා පුනර්ජනනීය බලශක්තියට විරුද්ධද?

- සරලව ලියල තියෙනවා අපිටත් තේරෙන්න 

-ඕවා ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කොහොම කිව්වත් 

- අපි දැනන් හිටියේ නැහැ නේ ඕක ඔච්චර ගණන් කියල... ආණ්ඩුවේ වාර්තා හරි ඇති නේ? 

- ඔය ලියන එකට සල්ලි හම්බ වෙනවද (ඩොලර් කුට්ටි)?

- ඕව ලියන වෙලාවේ තමුන්ගේ දියුණුවට වැඩක් කරගත්ත නම් හොඳයි නේද?

- අපි නොදකින පැත්තක් කථා කරලා තියෙනවා

- මොකද බන් උඹට වුණේ? 

- උඹ මොකෝ එක පාරම මේ ලියන්ඩ ගත්තේ?

- සිංහලෙන් වැඩිපුර ලියපන්

- තව ඉංග්‍රීසි ඒවා ටිකක් ලිව්වා නම් හොඳයි නේද?

- යකෝ අපේ පරිසරේට තියෙන ආදරේ මුං බිසිනස් එකක් කරන් නේ... උඹ කියනකන් පෙනුනේ නැහැ නේ 

- උඹ ලියන ඒවා ශෙයා කරන ලයික් කරන ෆෝවඩ් කරන එවුන් ඕව කියවනවා කියලද හිතන් ඉන්නේ? 

- ඕකෙන් සල්ලි හොයන විදියක් හිතල බලපන් 

- ආපහු ලංකාවට අවොත් ලියන්නේ නැති වෙයි නේද?

- දිගටම ලියපන් කම්මැලි නොවී 

- ඔය කතා කරන දේවල් දේශපාලනිකයි නේද?

- ටිකක් පරෙස්සම් වෙලා ඉන්ඩ කෝකටත්

මේවගෙන් සමහර ඒවාට උත්තර මා ගාවත් නොමැති බව කරුණාවෙන් සලකන්න!

තවත් ප්‍රතිචාර ඇති නම් මා වෙත ලබාදීමට කාරුණික වන්න!

12 comments:

  1. Yes... in the very near future... and staying away from Sri Lanka (physically) have not stopped me from being a service to my mother country....

    ReplyDelete
  2. අවංකවම ඔබට ඔබව දන්නා හමුවෙන සෑහෙන හොඳ පාඨකයන් රැසක් ඉන්නවා වගෙයි මට නම් පේන්නේ.

    හැම දේටම සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.... මම රසිකලොජිස්ට් ගේ රසිකයෙක් කලක සිටන් (බ්ලොග් ලියන්ඩ කලින් ඉඳන්)... ඔබත් මේ පෙනෙන නොපෙනන ලෝකය පැත්තේ පැමිණීම සතුටක් වගේම ගෞරවයක්.....

      Delete
  3. තවත් ප්‍රතිචාර දෙන්න ඇහැකි ලියන ලියන ලිපියට ඔන්න... හෝ පට ගාල ලියනු මැන.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරි හරි....

      ගස් ලබ්බ නම් මම පොස්ටුවක් දාපු ගමන් දුවන් එනවා... සන්තෝසයකි

      Delete
    2. ඒ එන්නෙ එහෙන් මෙහෙන් දකින ලින්ක් එකකින්.බ්ලොගර් ෆලෝවරයේ කේස් එක තමා.ගස්ලබ්බට වෙනම හොයාගෙන එන තාක්ශනේ තේරෙන්නෑ නෙව.සරල විදිහට තමයි වැඩ.

      Delete
  4. සුභ පැතුම්!

    මාර ප්‍රතිචාර සහ අයිඩියා නොවැ හික්...හික්...

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා....

      මම බ්ලොග් එක ලියන්ඩ කලින් ඔබගේ බ්ලොග් එකේ රසිකයෙක්.....

      Delete
  5. by the way when I passed out from the uni, I served SL for 8 long years... its not been even 2 years since I moved out of SL...

    ReplyDelete
  6. ප්‍රශ්න වලට උත්තර දෙනන් ගියොත් ලියන්න වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.... ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්ඩ ගියපුවහම ආයේ ආයේ කලින් ලියපුවා උපුටා දක්වනඩ වෙනවා... වෙලාව නාස්තියක් තමා ....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...