Wednesday, March 22, 2017

දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ

"ගොයම් නැටුමකට දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ "




අද උදේ මේ සින්දුව ඇහෙද්දී මට මතක් වුනේ අපේ බලශක්තිය ගැන හැමෝටම උපදෙස් දෙන පරිසරවේදියෝ ටික..... බලශක්ති ඔස්තාද් වගේ කෑ ගැහුවට ජෙනරේටර් එකක් දුවන හැටි දන්නේ නැහැ.... හැබැයි ටීවී එකේ පත්තරේ හොඳට රඟ දක්වනවා....
ඊට පස්සේ ටික 
"කලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නල වතුරෙන් සැනහෙන දරුවෝ"
මේකෙන් මේ කියන්නේ හැමදාම පුනර්ජනනීය කතා ටිකක් ටීවී එකෙයි පත්තරෙයි දාල පස්සේ ඩිසල් විදුලි බලාගාර පස්සේ දුවල ඩිසල් වලින් විදුලිය හදන එක ගැන..... ටැප් එකෙන් වතුර බිව්වට... ලිඳට ආවඩල පෙන්නන්නේ කලගෙඩි නැටුම්....

"දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරලිය හිමි නැති අපේ ළමයි....
හේනට කුඹුරට ගත සවි දියකර කරළිය අබියස බලා සිටි"
මේ ඉතින් අර බලශක්තිය පිලිබඳ මනා දැනුමක් ඇති නමුත් ඔවුන්ගේ බසට රටේ නායකයෝ කන් දෙන්නේ නැති විෂය පිලිබඳ ප්‍රවීණයෝ.... මේ ගොල්ලෝ අර නැටුම බලාගෙන ඉන්නවා.....


"තිරය ඇරෙනවා තිරය වැහෙනවා...." - මේ ඉතින් අර ෂෝ එක කාලෙන් කාලෙට කරනවා... ඩිසල් වලින් විදුලිය හදන කාලෙට කට වහන් ඉන්නවා... ගල් අඟුරු සැලසුමක් අවොත් ආපහු පුනර්ජනනීය නැටුම පටන් ගන්නවා ......
"ඔල්වරසන් හඬ පැතිරෙනවා" - මේ අර ගල් අඟුරු සැලසුම කඩා ඉහිරවලා දෙන පොර ටෝක් ටිකයි එකට ඔල්වරසන් දෙන අපේ හුදී ජනයෝ ටිකයි....


ගීත විචාරයක් නම් මීට කලින් කරලා නැහැ... හැබැයි අද උදේ කෑම කනකන් මේ සින්දුව අහන් ඉන්දැද්දී හිතුනේ මෙහෙම තමා
"සඳලුතලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟ සුඟ නටවනවා...."

මානවිකාවන්ගේ ඉඟ සුඟ දිහා බලන් ඉමු අපි ඉතින්!

පීලින්ග් පරිසර හිතකාමී විත් සිරි ලන්කන් එන්වෛරෝන්මෙන්ටලිස්ට්ස් ..........
-නදීර

2 comments:

  1. හම්මටසිරි...
    නදීර, අපි ස්වභාවයෙන්ම පරිසරයට ආදරේ කරන මිනිස්සු.හැබැයි අද වෙනකොට ඒ ආදරේ එක එක බිස්නස් කාරයෝ තමුන්ගෙ අනිසි ලාභය උදෙසා පාවිච්චි කරන බවකුයි පෙනෙන්නෙ.ඒ ගැන තොරතුරු සහිතව දැනුවත් කරන්න.මේ විකල්ප ප්‍රකාශන මාධ්‍යක් වන බ්ලොග් ඒකට හොඳ තැනක්.
    ජයවේවා..!!

    ReplyDelete
  2. හැම තැනම මොකක් හරි හොඳ ක්‍රියාවක් හරි අරමුණක් හරි තියනවා නම් සල්ලි වලට නැවෙන කාලකන්ණි එක හයි ජැක් කරන එක දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.

    අපිට ඉන්න හිටින්න තැනක්, හුස්ම ගන්න හුලන් පොදක් නැතිව යන එක තමයි අන්තිම ප්‍රතිඵලය !

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...