Tuesday, December 20, 2016

ගෙවල් ඇතුලේ වායු දූෂනෙන් ශ්‍රී ලාංකිකයෝ මැරෙන හැටි




හැමෝම දන්නවා ඩෙංගු මාරයා ගැන...... මමත් බයයි නම අහපුවහම..... හැබැයි ඉතින් ඩෙංගු වලින් මැරෙනවා වගේ 100 ගුණයක් විතර මැරෙනවා ගෙවල් ඇතුලෙම (https://www.facebook.com/nadeerawije/posts/10154133022177636) ඉන්න කිසි සද්දයක් නැති මාරයෙක් ගෙන් (silent killer ).... හැම තැනම පෝස්ටර් ගහල ටීවී එකේ කෑ ගහල එක ගැන දැනුවත් කරනවා ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්ඩ කියලා ….. ඉතින් අපේ මිනිස්සුත් කඩේට ගිහින් මදුරු කොයිල් එකක් පත්තු කරගෙන… ළමයාවත් වඩාගෙන කෑම උයනවා රෑට ……ඇයි ඩෙංගු හැදුනොත් මාර ප්‍රශ්නේ …. මේක හරියට අර මම කලින් කියපු කතාව වගේමයි (මැක්කා ගේ කතාව ) - ප්ලේන් එකක් ඔලුවට වැටෙයි කියල බල බල ගිහින් පාරේ වාහනේක හැප්පිලා මැරෙනවා වගේ තමා ….. ඩෙංගු වලින් බේරෙන්ඩ රටේ තියෙන සම්පත් වලින් වැඩි හරියක් වියදම් කරලා ලොකු සද්දයක් දාල ඒ වගේ 100 ගුණයක් මිනිස්සු මැරෙන හේතුව ගැන එකෙන් මැරෙන මිනිස්සු ටිකවත් දන්නේ නැහැ….. කොච්චර නොදැනුවත් ද කිව්වොත් ඉස්සර පරණ ගෙවල්වල තිබ්බ චිමිනිය වත් නැහැ ගේ හදද්දී…. කුස්සියේ ලිපෙන් දහනයෙන් පිටවෙන වායු යවන්ඩ ඉස්සර නම් අපේ ගෙවල්වල ලොකු චිමිනියක් තිබ්බ… දැන් එකට වියදම වැඩි හන්දද අවලස්සනක් තියෙන හින්දද මන්ද එක අලුත් ගෙවල් එකකවත් නැහැ…. ඉතින් මොකද වෙන්නේ අර ලිපෙන් පිටවෙන කාබන් ඩයෝක්සිඩ් කාබන් මොනොක්සිය්ඩ් සහ අනෙකුත් SOX NOX ආදී මෙකී නොකී නොයෙකුත් වායු වර්ග ගේ ඇතුලෙම කැරකෙනවා…. ඒක මදිවට මදුරු කොයිල් එකකුත් පත්තු කරගත්තහම වැඩේ තවත් ෂුවර්…… තව ඉතින් මදි නම් ගේ ඇතුලේ සිගරට් එකකුත් පත්තු කර ගත්තහම මේකේ සම්භාවිතාව හොඳටම වැඩි කරගන්ඩ පුළුවන්…..

මේකේ කවර් page එකේ මහාචාර්ය තුමා ගේ ගණන් මිනුම් අතරෙයි (http://lakbima.lk/oldpapers/daliylakbima/2016/December/last_18_12_16/haraspara.pdf) ලෝක සෞඛ්‍ය සංවිධාන (WHO ) වාර්තාවේ ගණන් මිනුම් අතරේ (http://www.who.int/gho/publications/world_health_statistics/2016/whs2016_AnnexA_MortalityAirPollution.pdf) වෙනසක් තිබ්බට (සමහර විට මහාචාර්යතුමාගේ සංඛ්‍යා ලේඛන නවතම ගණන් වෙනඩ ඇති…. WHO ගණන් 2012 වර්ෂයේ ගණන්) - ලොකුම ප්‍රශ්නේ එක නෙවෙයි… අපේ මිනිස්සුන්ගේ නොදැනුවත්කමයි ප්‍රශ්නේ….


අනික් එක තමා මේ ගැන හරි විදියේ ජාතික අධ්‍යනයක් කරලත් නැහැ… කරන්නෙත් නැහැ…. ඒක ජාතික ප්‍රතිපත්තියේ Priority එකකුත් නෙවෙයි…. තව Energy Poverty - එහෙම එකක් ලංකාවේ කතා කරන්නෙත් නැහැ…. ලංකාවේ මිනිස්සු Energy Poverty හින්ද මැරෙනවද නැද්ද? අප්පෝ ඕව හොයන්ඩ එපා… පිස්සුද?



ලෝකෙම ගත්තත් ඒඩ්ස්, ක්ෂය රෝගය හා රිය අනතරු - මේ තුනෙන්ම මැරෙන මිනිස්සු ගාන අඩුයි වායු දූෂනෙන් මැරෙන මිනිස්සු ගානට වැඩිය…(මූලාශ්‍රය - https://www.iea.org/publications/freepublications/publication/weo-2016-special-report-energy-and-air-pollution.html)


අපේ මිනිස්සු පෙනහළු පිළිකාවක් හරි වායු දූෂණයට අදාළ වෙන ලෙඩක් හරි හැදිලා මැරෙන්ඩ වැටිලා ඉන්නකොට කවුරුත් ගණන් ගන්නේ නැහැ… හැබැයි ඩෙංගු හරි ඒඩ්ස් හරි හැදිලා මැරෙන්ඩ යද්දී නම් ලොකු ප්‍රශ්නයක්….. හැමෝම කතා වෙනවා…දැනුවත් කිරීමේ වැඩසටහන් ඕනේ තරම්....තව ගල් අඟුරු බලාගාරයක් හදනවා කිව්වොත් ඇඟේ මයිලුත් කෙලින් වෙනවා…. ඇයි කළු පාටට නේ දුම යන්නේ….. පාරේ රිය අනතුරක් වුනොත් එකේ වීඩියෝ එකත් share කර කර බලනවා ආයේ අයෙත්…..වහලෙට දාන ඇස්බැස්ටෝස් - එක ගැන නම් සැහෙන දැනුමක් තියෙනවා ... කාටවත් මතක් වෙන්නේ නැහැ ගෙවල් ඇතුලෙම වායු දූෂනෙන් මැරෙන මිනිස්සු ගාන ඔය ඔක්කොම එකතු කරපුවහම (ඒඩ්ස්, ඩෙංගු, ක්ෂය රෝගය හා රිය අනතරු) එන ගානට වැඩිය වැඩිය් කියල……. ඉතින් කාටවත් ඕනේ නැහැ කාර්යක්ෂම දර උදුනක් ගෙවල් වලට අඳුන්වල දීල මේ විදියට මැරෙන මිනිස්සු කොටසක්වත් බේරගන්ඩ…. අපි හැමදාමත් ඒ මිනිස්සුන්ට මැරෙන්ඩ ඇරලා පිළිකා රෝහලට පහසුකම් නැහැ කියල දේශපාලුවන්ට බැනල…. ගෙදර ගිහින් දර ලිපේ කෑම උයමු පොඩි එකාට පාඩම් කරන්ඩ මදුරු කොයිල් එකක් පත්තු කරලා දීල….. පොඩිම පොඩි එකෙක්නම් ඉන්නේ පුළුවන් නේ පොඩි එකාව වඩාගෙනම කෑම උයන්ඩ …..


ප.ලි - ලංකාවේ මිනිස්සුන්ගෙන් 78% කෑම උයන්නේ දර ලිපේ (මූලාශ්‍රය - http://cleancookstoves.org/binary-data/RESOURCE/file/000/000/2-1.pdf) ..ඒ කියන්නේ සසිරිමත් ලංකාවේ මිනිස්සුන්ගෙන් සීයට හැත්තෑ අටක් - හරියටම කිව්වොත් මිලියන 16 (ඔව් මේ ඔක්කොම මිනිස්සු - ශ්‍රී ලාංකිකයෝ) මේ අවදානමෙන් ඉන්නේ ඔබ මේ ලිපිය කියවන වෙලාවෙත්….. අද දවස ගෙවෙද්දීත් මිනිස්සු 41 මැරෙනවා ලංකාවේ නිවෙස් ඇතුලේ අභ්‍යන්තර වායු දූෂනෙන් (කවුද කියන්නේ - ලෝක සෞඛ්‍ය සංවිධානේ)…… හැබැයි අපි දන්නේ නැහැ වගේ ඉමු….. 



මීට අදාල කලින් ලිපි - 

20 comments:

  1. නියමයි.. සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා.. ඔබේ දැනුමෙන් හා අත්දැකීම් වලින් වටිනා සේවයක් කල හැකියි! ජය!

    ReplyDelete
    Replies
    1. ඔබ මෙතෙක් ලබා දුන් සහයෝගය නිසා හොඳ බ්ලොග් රසිකයන් පිරිසක් මගේ බ්ලොග් එකට එනවා… ඒක තවත් ලියන්ඩ ලොකු ධෛර්යයක්

      Delete
  2. කල්‍යාණ මිත්‍රගේ හෝඩුවාවෙන් මේ පැත්තට ආවේ. ඔව්. මේක වටිනා පෝස්ටුවක්. දිගටම ලියන්න සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි …. ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි! හොඳ නරක දෙකම!

      Delete
  3. සුපැතුම්.... දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි …. ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි! හොඳ නරක දෙකම!

      Delete
  4. අර කලු, මහත මහත්තය තමයි කිව්වෙ මෙහෙම තැනක් තියෙනව කියලා. ඔව් අන්න හරි අර උඩම ඉන්න කෙනා තමයි.

    අඩුවක් පිරිමැහුනා වගේ දැනෙනවා. තාක්ෂණය ගැන ලියන්න හිටි කීප දෙනයි. ඒ අතරිං මේ වගේ පර්යේෂණාත්මක ලිවිල්ලක් වටිනවා. ඉස්සර අපේ ගෙදරත් අපේ අම්මා උයද්දි කුස්සියට යන්න ඕනි ෆොග් ලයිට් දාගෙන. ලිපේ ගින්දරට දුම් මැස්සේ තියන හට්ටියක උනත් හොද්ද නටනවා. අපේ ගම්වල අය ලොකුවට ගෙයක් හදලා හොඳ චිමිනියක් එහෙම තියෙන කුස්සියක් එහෙම හදලා ගෙයිං පිලිකන්නෙ වෙනම පියැස්සක් බාගෙන ලැලි ගහල මඩුවක් හදාගන්නවා. ඒකෙ තමයි උයන්නෙ. දැලි නැත්තං කුස්සියක් වැඩක්නැතිලුනෙ. එහෙම කුස්සියක් ගිනි අරං ළමයි ටිකයි ගෘහනියවයි බේරගත්තේ අපේ අම්බලංගොඩ අයියලුනෙ.

    ඔතන ඔය තියෙන සංඛ්‍යා ලේඛණ අනුව බැලුවහම 78% ක් දර වලින් උයනව කියන එක නිකං වැරදියි වගේ පේනවා. හැබැයි හරි වෙන්නත් පුලුවං. මාත් උත්සාහ කරල බැලුවා අර දැලි නැති දර ලිපේ ඩුප්ලිකේට් එකක් කිරි හට්ටි දෙකයි, ප්‍රොසෙසර් කූලින් ෆෑන් එකයි අරං හදන්න. ඒකෙ අවුලක් එනවා. සුලං වේගෙත් එක්ක තාපයත් ඉක්මනටම ඉවත් වෙනවා. ඒ හංදා දැන් අපි දර කෑල්ලක් තිබුනොත් නාන්න වතුර ටික දරලිපේ උණුකරනවා. නැත්තං ඉතිං ගෑස් තමයි. දර වලට වඩා ගෑස් ලාබයිනෙ.

    මදුරු දඟරනං පාවිච්චියක් නෑ. මදුරු දැල් තියෙනවනෙ. කොහොම නමුත් තාපය සම්බන්ධ පරීක්ෂණ වලට මං හරි කැමතියි. සාස්පානක් භාවිතයෙන් වැහි කාලෙට රෙදි වේලීම වගේ අසාර්ථක වුන ව්‍යාපෘති අතරේ ප්‍රිජ්ජෙකේ දැලෙන් පිටවන තාපයෙන් ඇඳුං වේලාගැනීම වගේ සාර්ථක වුන වැඩත් තියෙනවා.

    කාලයක් තිස්සේ හිතේ තියං ඉන්න අදහසක් තියෙනවා. කවුරුවත් හිනාවෙයි කියලා කිව්වෙ නෑ. දැං කියන්නං.
    1) ලොකු උත්තල කාචයක් හරි අවතල දර්පන හරි භාවිතයෙන් ඉර එලිය එකට එක්කහු කරලා වතුර බොයිලේරුවක් උණුකරලා වාෂ්ප එන්ජිමක් ධාවනය කරලා ඒකෙං බලශක්තිය නිපදවන්න බැරිද?

    2) ඩීසල්වලිං හදන විදුලියෙං චාජ් කරල කිලෝමීටර් අසූවක් විතර පණ බයේ යන නිසාන් පත්‍ර කාර් වෙනුවට හයිඩ්‍රජන් ඉන්ධන සෛල වලින් වැඩ කරන එක පාරක් පුල් ගැහුවං කිලෝමීටර් දෙසීයක්වි තර දුවන්න හැකි, නැවත පුරවන්න වෙලා යන්නෙ නැති කාර් ගෙනැල්ලා එව්වට හයිඩ්‍රජන් හදන්න පුත්තලම, හම්බන්තොට වගේ ශූෂ්ක කලාපෙ මෙලෝ දෙයක් වවන්න බැරි ඉඩංවල සූර්ය විදුලි බලාගාර ඇතිකරලා ඒ විදුලියෙං හයිඩ්‍රජන් නිපදවලා රටේ තියෙන ෂෙඩ්වලින්ම බෙදා හැරියොත් අපිට හෙන ගහයිද?

    ඉස්දූදියි... ජයින් ජයිම වීවා...

    ReplyDelete
    Replies
    1. ශ්‍රංග, මොකක්ද අර කලු, මහත මහත්තය... කතාව.
      එයාට ගෙදෙට්ට කියන්නේ සුදු පුතා කියලනේ.

      Delete
    2. //එයාට ගෙදෙට්ට කියන්නේ සුදු පුතා කියලනේ//
      මේක දැකල මම වරුවක් ගෙදර ඉන්නවා, බිම වාඩිවෙලා හිනාවෙන්න.... හි හි හි හි හි හි

      Delete
    3. සුදු පුතා.... කමියට කියන්න ඕන ගෙදර මිනිස්සුංගෙ ඇස් පරීක්ෂාකරවගන්න කියල වැඩේ තව දික් ගැස්සෙන්න ඉස්සරිං. හැක්..

      Delete
    4. ඔව් සුදු පුතා සුදු මහත්තයා සුදු අප්පච්චි (තව ටික කාලෙකින් සුදු සීයා) කියල තමයි .. ඇයි අවුල්ද? අපි සම්මතයක් හදගෙන තියෙන්නේ සමාන්‍යයෙන් කියන කලු පාටට අපි සුදු කියමු කියල .. හැක්

      Delete
  5. ගල් අගුරු වලින් සිදුවෙන වායු දුෂණය ගැන කතා කරන්න කප් ගහපු විෂේශඤ්යෝ විදිහට මේ ගැන වැඩිය කතා කලොත් අපිට ඒක මදි කමක් නේ. ඒ වගේම මේ විදිහට නියැදිය ලොකු වෙන තරමට වැඩ වැඩි වෙනවා. ගෙවල් ගානේ ගිහින් මේවා කියලා දෙන්න ගියොත් නාන්න වෙන්නේ ඉදුල් කොරහකින් තමයි. අපේ රටේ විශාල පිරිසකට තමන්ගේ පරිසර බහුශෘත භාවය විදහා පැමට ලංකාවේ පුත්තලම කියන ප්‍රදේශයේ තිබෙන චිමිනි තුන තව අවුරුදු 50 කට විතර ඇති. මොකටද නිකන් කරදර වෙන්නේ.

    ReplyDelete
  6. Replies
    1. කෙන්කියුෂාගේ ලිපිය ඉතාමත් අගෙයි…..
      මම තව එකක් ලිව්වා….
      http://nopenena.blogspot.qa/2016/12/blog-post_22.html

      ඔබගේ රස විඳිනු ඇති සිතමි… ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි!

      Delete
  7. අපේ ගෙදරනං ලිපේ චිමිනිය හොඳට ඉඩකඩ හිටින විදියට හදල තියෙන්නෙ. මාත් දැකල තියෙනව අලුත් ගෙවල් වල දුම පිටවෙන්න අමාරු විදියට හදල තියෙන චිමිනි.

    හොඳ විස්තරයක්

    ReplyDelete
  8. ඔය වගේම නේද ඉලෙක්ට්‍රික් කාර්, සෝලර් සම්බන්ධවත් තියෙන්නේ...
    ලංකාව වගේ රටවල් ඩීසල් වලින් හදන විදුලියෙන් කාර් එකක් චාර්ජ් කර ගත්තා කියල උදම් ඇනුවට වැඩක් නැහැ නේද. සමහර විට සාක්කුවට වාසියක් වෙයි, නමුත් රටට වාසියක් නැහැ...
    සෝලර් පැනල් හදන්න වැය කරන ශක්තිය, අමු ද්‍රව්‍ය, ඉන් ලබා ගන්නා සම්පුර්ණ නිෂ්පාධිතය ඒවා ඉවත් කිරීමේදී සිදු වෙන පරිසර හානිය වගේ දේවල් බැලුවම ඒකත් හරිත නැති බවයි මගේ දළ අදහස...

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු අවබෝධයක් නැතුව සුද්දගේ විසඳුම් එහෙම පිටින්ම ගෙනල්ල ලංකාවේ දාද්දි වෙන ප්‍රශ්න ගැන අවබෝධයක් නැහැ…. අපේ අධ්‍යාපන ක්‍රමයත් හැදිලා තියෙන්නේ අන්න ඒ වැරදි ක්‍රමය වැඩි දියුණු කරගන්ඩ…. මම තව ලිපියක් ලිව්වා ඔය අපි සුද්දගේ විදියට Sustainability කරලා … අපි සුද්දගේ ඔලුවේ අමාරුවට අපි බෙහෙත් බොන එක ගැන..….
      http://nopenena.blogspot.qa/2016/12/blog-post_22.html

      Delete
  9. හරියට හරි මල්ලී... ඇදුම රෝගී දරුවන් ප්‍රමාණය වැඩී. අපි අහන ප්‍රශ්නයක් තමා, දර ලිපේද උයන්නේ, දුම යන්නේ කොහේටද ? අහල පහළ ඇති කාර්මික හෝ යාන්ත්‍රික වැඩපළවල් තිබේද, ඔහොම ඒවා. ඇත්තටම බොහෝමයක් ගෙවල් වල දර ලිප තමා. අනික මදුරු කොයිල්. මෙහෙ කියමනක් තියෙනවා කොයිල් කොම්පැනි වලින් මදුරුවෝ බෝ කරනවා කියලත්... මම කීවේ ඇහෙන දේවල්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...