ශ්‍රී ලංකාවේ ඉදිරි වසර 20 සඳහා විදුලි බල සැලැස්ම අනුමත කොට ඇත. ඉතින් අපිට පාන්ද යැයි නොඅසන්න... අපට ඕවා තේරෙන්නේ නැහැ යැයි නොකියන්න.... සරලව මෙම සැලසුම ඔබේ දැනුමට සහ රසාස්වාදයට සරලව මෙසේ ගෙන ගෙන හැර පාන්නෙමි!
මේ අලුතෙන් එකතු වන මෙගාවොට් 8371 සැදෙන්නේ මෙසේය - මෙගාවොට් 4800 ස්වභාවික වායුය, මෙගාවොට් 330 දැවී තෙල් ය, මෙගාවොට් 105 ගෑස් ටර්බයිනය. මෙගාවොට් 457 ජල විදුලියය, මෙගාවොට් 1389 සූර්ය බලයය, මෙගාවොට් 1205 සුලන්ය, මෙගාවොට් 85 දැව (දර)ය.
මෙගාවොට් 4800 ක ස්වභාවික වායු බලාගාර - අනේ වාසනාවන් පුදුම සුස්ටනබ්ල් රටක්නේ අප්පා - එසේ නොකියන්න මා ප්‍රිය හිතවතුනි! ඊළඟ අවුරුදු 10 -15 ටවත් මේවා ද දුවන්නේ ඛනිජ තෙල් දමාය (ස්වභාවික වායු ඩිසල් වගේ රටකට ගේන්නට බැරිය ඒවාට අවශ්‍ය විශේෂ යටිතල පහසුකම් සැදිය යුතුය) - එහ් එහෙමද? ඔව්! සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිවහොත් මේවාද බෝඩ් එක හැරුණු කොට ඩිසල් බලාගාරය - දුවන්නේ ඩීසල් දමාය. නමුත් මේවාට අප කියෙන්නේ ස්වභාවික බලාගාර කියාය. ස්වභාවික වායු බලාගාර දැම්මා ගල් අඟුරු බලාගාර පැන්නුවා යැයි ඔල්වරසන් දෙන පරිසරවේදීන්ට මේවා පෙන්නේ නැත.
එහෙම බැලුවාම ඊළඟ වසර 20 තුල ජාතික විදුලි පද්ධතියට ඩිසල් බලාගාර මෙගාවොට් 5235 එකතු වේ (ස්වභාවික වායු 4800 + දැවිතෙල් 330 + ගෑස් ටර්බයින් 105 = 5235).
එසේ නම් සැලසුමේ සැබෑවටම ඇති ඩීසල් බලාගාර වල මුළු ප්‍රතිශතය 62.5% කි.
මෙවට ගෙවන්නේ ඩීසල් වියදම සහ ඒවා දමන සමාගමේ සුළු ලාබයයි (සුළු යන්නට විවිධ අගයන් ඇත). මේවාට අයිසින් ගා ලස්සනට පත්තර වලට දමා ඇත. හදවතින්ම ශ්‍රී ලාංකික පරිසරවේදියෝ මේ දැක සතුටු කඳුළු හෙලති. පරිසරහිතකාමී ජනයාද ඔල්වරසන් දෙති.
මේවාට ගෙවන්නේ ඔබෙත් මගෙත් අප අනාගත පරම්පරාවේත් සල්ලිය. ඉතින් මේ වගේ sustainable power generation plan එකකටත් මූ මෙහෙම කිව්වා නේ යැයි මට බැන්නට වැඩක් නැත. sustainable බෝඩ් දමා ඩිසල් බලාගාර දිව්වාට පරිසරයට හොඳක් වන්නේද නැත. ඩිසල් මාෆියාවේ සිටින හොරුන් ටිකකට පමණක් හොඳක් වේ - ඒක පෙන්නේ නැතුව රටට සිදුවන මහා පරිමාණ පාඩුවකි (වසරකට ගුවන්තොටුපළවල් 5-6 සැදීමට හැකි මුදලකි).
අප ජීවත් වන්නේ ඩෙංගු රෝගීන් දෙදෙනෙකු එකම ඇඳේ (හෝ සමහර ලෙඩුන් බිම පැදුරකද) දමා ප්‍රතිකාර කරන රටකය. ශරීර අභ්‍යන්තරයේ තරල කාන්දු වී ලේ වහනය වී වේදනාවෙන් සිටින ඔවුන්ට ඇඳක් නොදී මේ වාගේ විකාර කෙරුවාට අප sustainable රටක් වන්නේ නැත!
සැලසුමේ සාරාංශය
ජාතික විදුලි පද්ධතියේ දැනට ඇති ධාරිතාව මෙගාවොට් 3887කි. ඉදිරි වසර 20 තුලදී මෙම සැලසුමට අනුව මෙගාවොට් 8371 එයට එකතු කරනු ලැබේ. මෙය එකතු කරනුයේ ක්‍රමානුකුලව එක් එක් වර්ෂයේදී එක් එක් ශක්ති ප්රභවයන්ට බෙදා අදාළ සලසුමකටය. ඒ අතර මෙගාවොට් 1257ක විදුලි බලාගාර ක්‍රම ක්‍රමයෙන් විශ්‍රාම යවනු ලැබේ.මේ අලුතෙන් එකතු වන මෙගාවොට් 8371 සැදෙන්නේ මෙසේය - මෙගාවොට් 4800 ස්වභාවික වායුය, මෙගාවොට් 330 දැවී තෙල් ය, මෙගාවොට් 105 ගෑස් ටර්බයිනය. මෙගාවොට් 457 ජල විදුලියය, මෙගාවොට් 1389 සූර්ය බලයය, මෙගාවොට් 1205 සුලන්ය, මෙගාවොට් 85 දැව (දර)ය.
මෙගාවොට් 4800 ක ස්වභාවික වායු බලාගාර - අනේ වාසනාවන් පුදුම සුස්ටනබ්ල් රටක්නේ අප්පා - එසේ නොකියන්න මා ප්‍රිය හිතවතුනි! ඊළඟ අවුරුදු 10 -15 ටවත් මේවා ද දුවන්නේ ඛනිජ තෙල් දමාය (ස්වභාවික වායු ඩිසල් වගේ රටකට ගේන්නට බැරිය ඒවාට අවශ්‍ය විශේෂ යටිතල පහසුකම් සැදිය යුතුය) - එහ් එහෙමද? ඔව්! සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිවහොත් මේවාද බෝඩ් එක හැරුණු කොට ඩිසල් බලාගාරය - දුවන්නේ ඩීසල් දමාය. නමුත් මේවාට අප කියෙන්නේ ස්වභාවික බලාගාර කියාය. ස්වභාවික වායු බලාගාර දැම්මා ගල් අඟුරු බලාගාර පැන්නුවා යැයි ඔල්වරසන් දෙන පරිසරවේදීන්ට මේවා පෙන්නේ නැත.
එහෙම බැලුවාම ඊළඟ වසර 20 තුල ජාතික විදුලි පද්ධතියට ඩිසල් බලාගාර මෙගාවොට් 5235 එකතු වේ (ස්වභාවික වායු 4800 + දැවිතෙල් 330 + ගෑස් ටර්බයින් 105 = 5235).
එසේ නම් සැලසුමේ සැබෑවටම ඇති ඩීසල් බලාගාර වල මුළු ප්‍රතිශතය 62.5% කි.
මෙවට ගෙවන්නේ ඩීසල් වියදම සහ ඒවා දමන සමාගමේ සුළු ලාබයයි (සුළු යන්නට විවිධ අගයන් ඇත). මේවාට අයිසින් ගා ලස්සනට පත්තර වලට දමා ඇත. හදවතින්ම ශ්‍රී ලාංකික පරිසරවේදියෝ මේ දැක සතුටු කඳුළු හෙලති. පරිසරහිතකාමී ජනයාද ඔල්වරසන් දෙති.
මේවාට ගෙවන්නේ ඔබෙත් මගෙත් අප අනාගත පරම්පරාවේත් සල්ලිය. ඉතින් මේ වගේ sustainable power generation plan එකකටත් මූ මෙහෙම කිව්වා නේ යැයි මට බැන්නට වැඩක් නැත. sustainable බෝඩ් දමා ඩිසල් බලාගාර දිව්වාට පරිසරයට හොඳක් වන්නේද නැත. ඩිසල් මාෆියාවේ සිටින හොරුන් ටිකකට පමණක් හොඳක් වේ - ඒක පෙන්නේ නැතුව රටට සිදුවන මහා පරිමාණ පාඩුවකි (වසරකට ගුවන්තොටුපළවල් 5-6 සැදීමට හැකි මුදලකි).
අප ජීවත් වන්නේ ඩෙංගු රෝගීන් දෙදෙනෙකු එකම ඇඳේ (හෝ සමහර ලෙඩුන් බිම පැදුරකද) දමා ප්‍රතිකාර කරන රටකය. ශරීර අභ්‍යන්තරයේ තරල කාන්දු වී ලේ වහනය වී වේදනාවෙන් සිටින ඔවුන්ට ඇඳක් නොදී මේ වාගේ විකාර කෙරුවාට අප sustainable රටක් වන්නේ නැත!
![]() |
පිංතූරය - TIMESRILANKA |
![]() |
පින්තූරය - dailymirror |